Attention

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දෙසැම්බර් (04) වන දින සිට උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 1,433ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 232,752ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේදී මෙරට තුළ ඇතිවිය හැකි සුළි කුණාටුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 4 සහ 5 යන දෙදින තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, ඉන් විශාල බලපෑමක් සිදුනොවනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

මේ අතර, ජල ගැලීම් පවතින ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ජල ගැලීම්වලින් අනතුරුව විවිධ රෝග ව්‍යාප්ත වීම හමුවේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

එළවළු පිටරටින් ගෙන්වයි.!

එළවළු පිටරටින් ගෙන්වයි.!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.

ආපද‍ා තත්වය හමුවේ මෙරට එළවළු වගාව බිම් රැසක් දැඩි හානියට ලක්වීම නිසා වෙළඳපොල තුළ එළවළු විශාල හිඟයක් මතුව ඇති අතර එම නිසා එළවළු මිලද විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

ගං වතුර ආදාර බෙදාදෙමින් සිටියදී මාලිමා මන්ත්‍රීවරයෙකුට පහර දුන් 6ක් අත්අඩංගුවට.!

ගං වතුර ආදාර බෙදාදෙමින් සිටියදී මාලිමා මන්ත්‍රීවරයෙකුට පහර දුන් 6ක් අත්අඩංගුවට.!

අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි

පහරකෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා හෝමගම මූලික රෝහලට ඇතුලත් ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය

අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ කොට්ඨාස සංවිධායකයෙකු විසින් ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සකස් කල ආහාර බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් තරඟ වැදුනු පිරිසක් බහින්බස් වී ඇති බවත් එහිදී මාලිමාලිමාවේ කොට්ඨාස සංවිධායකවරයාට පහර දීමක් සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ආධාර තීරු බදු වලින් නිදහස් කරයි.!

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ආධාර තීරු බදු වලින් නිදහස් කරයි.!

ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ශ්‍රී – බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම අරමුදල ජනාධිපති ලේකම් කාර්ලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම කමිටුවේ සභාපතිත්වය දරණ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා කමිටුවේ කැඳවුම් ලෙස කටයුතු කරනු ලබයි.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි.!

හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි.!

පසුගියදා වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ අවතැන්වූවන් මුදාගැනීම් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ.

ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ආපදාව නිසා ඉන්දියාව සහ පාකිස්තානය නැවත ගැටුමක.!

ශ්‍රී ලංකාවේ ආපදාව නිසා ඉන්දියාව සහ පාකිස්තානය නැවත ගැටුමක.!

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බවයි.

මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීම සලකා බලා කඩිනමින් අදාළ අවසරය ලබා දීමට කටයුතු කළ බව ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත.

පාකිස්තානය විසින් සිදුකරනා “පදනම් විරහිත සහ නොමඟ යවන” ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාව දැඩිව අවධාරනය කරයි.

පාකිස්තානයේ ඉල්ලීම මත පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුලත සඳුදා (01) දින සවස 17.30 ට (IST)වනවිට නිල වශයෙන් අවසර ලබා දී පකිස්තාන රජයට ද එය නිල වශයෙන් දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ.

පස්වරු 2න් පසු උතුරට සහ දකුණට වැසි.!

පස්වරු 2න් පසු උතුරට සහ දකුණට වැසි.!

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.