Attention

ආපදා මරණ 607 දක්වා ඉහළට.!

ආපදා මරණ 607 දක්වා ඉහළට.!

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් රටපුරා ඇතිවූ ආපදාවලින් මියගිය ගණන 607 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අතුරුදන් සංඛ්‍යාව මේ වනවිට 214ක් දක්වා අඩුවී තිබෙන බවයි එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ආරක්ෂිත මධ්‍යස්ථාන 1211ක පවුල් 43715කට අයක් 152,537 දෙනකු රඳවා සහන සලසනවා.

අධික වැසි, තද සුළං, නායයාම්, ගංවතුර, පස් කණ්ඩි කඩාවැටීමෙන් පවුල් 586,464කට අයත් 2,082,195 දෙනකු පීඩාවට පත්ව තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ කුණාටුවේ බලපෑම මේ වනවිට මුළුමනින්ම පහව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ලාල් කාන්තට ජම්පරය අඳින්න වෙනවා – චාමර සම්පත්.!

ලාල් කාන්තට ජම්පරය අඳින්න වෙනවා – චාමර සම්පත්.!

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (5) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ වාරිමාර්ග ඇමතිවරයාට ජම්පරය ඇඳීමට සිදුවන බවයි.

‘බදුල්ලේ ගල් පැලුනේ මාලිමාවේ උදවිය ගහපු බොරු වලට. මේක සෙල්ලමකට ගන්න එපා. ටිකෙන් ටික වතුර ඇරලා තිබුනා නම් මේ ප්‍රශ්න වෙන්නේ නෑ.

අපි නාය ගිය ඒවට මොකුත් කියන්නෙ නෑ. අපි කියන්නෙ වතුර ඇරපු නැති එකට. හරි නම් වාරිමාර්ග ඇමැති ඉල්ලා අස්වෙන්න ඕන. මේවා වගකීමෙන් පැහැර හරින්න බෑ.ඒ වගේම අපිට කන්න දීපු දකුණේ මිනිස්සුන්ට මෙහිදී ස්තූති කළ යුතුයි. වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා. එයා මේ මරණ වලට වග කියන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.!

09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.!

ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ලබන 09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ මේ හේතුවෙන් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ වන විට වැසි ඇදහැලෙමින් පවතින බව බදුල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා.

අර්චුනාගේ කැබ් රථය වතුකරයට පිං පිනිස.!

අර්චුනාගේ කැබ් රථය වතුකරයට පිං පිනිස.!

තමාට ලබාදීමට නියමිත කැබ් රථය අවශ්‍ය නැති බවත් ඊට අදාළ මුදල වතුකරයේ ජනතාවට බෙදා දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඒ සඳහා කැමැත්ත පලකරමින් ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.

ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.

ජනතාව දුන් වතුර බෝතල් ප්‍රාදේශීය සභා කැබ් එකේම රැගෙන ගිහින් හෝටලේට විකුණලා.!

ජනතාව දුන් වතුර බෝතල් ප්‍රාදේශීය සභා කැබ් එකේම රැගෙන ගිහින් හෝටලේට විකුණලා.!

ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක් අල්ලා මහනුවර පොලීසියට බාර දී තිබේ.

මෙම වතුර බෝතල් පැහැරගෙන ගොස් මුදලට කඩවලට විකුණූ රියදුරාගේ වැඩ තහනම්කි රීමට පියවර ගන්නා බව මේ පිළිබඳව විමසීමේදී ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පැවැසීය. එම රියදුරා සේවයට බැඳී සති කීපයක් වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ආපද‍ාවන් වලින් විපතට පත් ජනතාවට නොමිළේ බෙදා දීමට පරිත්‍යාගශීලීන් ලබාදුන් මෙම වතුර බෝතල් හොර පාරෙන් මිළදී ගත් හෝටල් හිමියාට ද එරෙහිව නීතීමය පියවර ගත යුතු බව එම සොරකම අල්ලා දුන් මහජනතාව පවසති.

ජාතියක් අනතුරේ හෙලූ බස් රථ රියදුරුට සහ සහායකට එරෙහිව විනය පියවර.!

ජාතියක් අනතුරේ හෙලූ බස් රථ රියදුරුට සහ සහායකට එරෙහිව විනය පියවර.!

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් පසුගියදා කුඹුක්කන ප්‍රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගිය බදාදා දිනයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු සහ කාර්ය මණ්ඩලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමටයි කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවයෙන් තහනම් කිරීමටද නියෝග කර තිබේ.

බිඳ වැටුනු ජන ජීවිත ගොඩ නගන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්.!

බිඳ වැටුනු ජන ජීවිත ගොඩ නගන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්.!

ශ්‍රී ලංකාව මුහුනදී තිබෙන ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72. 5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරමින් පැවසූවේ ඒ සඳහා කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි.

කෝච්චි සීසන් එකෙන් ලංගමේ යන්න අවසර හිමිවෙයි.!

කෝච්චි සීසන් එකෙන් ලංගමේ යන්න අවසර හිමිවෙයි.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසූවේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇතත් නිසි පරිදි දුම්රිය දාවන කටයුතු මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බැවින් මගීන්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගත් තීරණයක් අනුව මෙම අවස්ථාව මගීන්ට ලබාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊසානදිග මෝසම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

ඊසානදිග මෝසම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

අද (05) අලුයම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනය අනුව දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඌව ගොඩනගන්න පළාත් සභා නිලධාරීන් වැටුප පරිත්‍යාග කරයි.!

ඌව ගොඩනගන්න පළාත් සභා නිලධාරීන් වැටුප පරිත්‍යාග කරයි.!

ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුපක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය.

ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.

Follow WhatsApp Channel