Attention

බොර දියේ මාළු බාන අයට එරෙහිව හදිසි නීතිය.!

බොර දියේ මාළු බාන අයට එරෙහිව හදිසි නීතිය.!

උසස් පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබාදෙමින් පැවසූවේ සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

“සමාජ මධ්‍ය ගත්තාම ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ලකරමින් යනවා. එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ.

මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසිවල පැහැදිලිවම මේ තත්ත්වය ආවරණය කරලා තියෙනවා. හෞතිකව, online මගින්,   AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාර කටයුත්තක් කරන්න බැහැ.

එහෙම කරන කෙනෙකුට අවුරුදු 05කට වැඩි සිරඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. ඊට අමතර වැරදිවලට අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට ගෙන්න පුළුවන්.”                 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහාතා, පවසා සිටියේ, “අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට මේක ධරාගන්නත් බැහැ.

ඒ තරම් මේ සමාජය විකෘති කිරීමේ අර්ථියෙන්, විකෘත්ති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා” යනුවෙනි.

අඩුම තරමේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරන්න – සජිත් ඉල්ලයි.!

අඩුම තරමේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරන්න – සජිත් ඉල්ලයි.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ විපතට පත් වූ ජනතාව වෙනුවෙන් අඩුම තරමේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

“අද සාකච්ඡා කරන්න තිබුණේ ආපදාව ගැන. නමුත් ඒකට අවස්ථාව නොලැබී අයවැය විවාදය කරන්නට ලැබීම ගැන අප කණගාටු වෙනවා. ආපදාවෙන් විපතට පත් ලක්ෂ ගණන් ජනතාව ගැන මේ තරමින් වත් නොතැකීම ගැන අප කණගාටුවට පත්වෙනවා. මේ වසර හතරක් තුළ අපේ රටට සිදුවූ හතරවෙනි ඛේදවාචකයයි. පාස්කු ප්‍රහාරය, කොරෝනා අර්බුදය,රට බංකොලොත් වීම වගේම සුළි කුණාටුව මේ අර්බුදයි.

විපතට පත්වුණු අය ගැන විවාදයක් ලබාදෙන්න රජය අපොහොසත් වුනා. මේ විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අප සැමගේ වගකීම වන්නේ විපතට පත් වූ අය රැක බලා ගැනීමයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව අද (3) උදෑසන 10.00, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 356ක් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පවුල් සංඛ්‍යාව 53,758ක් වන බවත්, අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 201,875ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඔවුන් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,385ක රැදී සිටිනවා.

ආපදාවෙන් පීඩාවට පත් සෑම සිසුවෙකුටම රුපියල් 25,000ක්.!

ආපදාවෙන් පීඩාවට පත් සෑම සිසුවෙකුටම රුපියල් 25,000ක්.!

ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000 බැගින් ප්‍රදානයක් ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් පාසල් අධ්‍යාපනය ලබන සෑම සිසුවෙකුගේම අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

නැවත වැසි ඇතිවීම කඳුකරයට මාරාන්තිකයි.!

නැවත වැසි ඇතිවීම කඳුකරයට මාරාන්තිකයි.!

දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම කාලගුණ විද්‍යා නිවේදනවල දක් වන දත්ත වලට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම මහජන නිවේදනය නිකුත් කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්‍ෂා කරන බැවින් දෙසැම්බර් 4 වැනි දින සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (02) දින පස්වරු තුනට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානා දෙකක් මෙරට ආපදාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, තවත් මානුෂීය ආධාර තොගයක් රැගෙන ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය.

මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ තොගයක් මෙලෙස පැමිණි C-17 වර්ගයේ ගුවන් යානා දෙකක රැගෙන විත් තිබිනි.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් නසීර් අල්අමේරි (H.E. Khaled Nasser AlAmeri) මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමුද් අල්ෆාරි (Dr. Hamood Alafari) මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය බාර ගන්නා ලදී.

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා මෙරටට ළගා විය.

මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහතා අවධාරණය කර සිටින්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් ලියූ උත්තර පත්‍රවලට ආපදා තත්ත්වයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම සියලුම උත්තර පත්‍ර ඉතා සුරක්ෂිතව තිබෙන බවත්ය.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ උසස් පෙළ සියලුම උත්තර පත්‍ර මේ වන විට නියමිත ආරක්‍ෂිත ස්ථානවල තිබෙන බවත් ආපදාවට ලක්වී නොමැති ප්‍රදේශවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි සිදුවන බවත්ය.

සෑම දිනයකම විභාගය අවසානයේදී සියලුම උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන බවත් එය වසර ගණනාවක් තිස්සේ නිවැරදිව සිදුවන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟද විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කොට අවධානයෙන් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.

අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.

මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්වාසීන් පවසති.

අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් ගම්වාසීන් විසින් පස් ඉවත්කරමින් සිටිනා බව සඳහන්.

එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය ගොස් සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සඳහන්.

ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් පැවසෙයි.

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දෙසැම්බර් (04) වන දින සිට උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 1,433ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 232,752ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

⌃ News
📰 Free News Subscription?