අවසන් මොහොතේ ඩයනා වරද පිළිගනී

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) දින දැනුම් දී ඇත.

අදාළ නඩුකරය අද (26) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරියක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.

අනතුරුව මෙම නඩුව සුළු වෙලාවකට කල් තැබීම සිදුවුණි‍.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel