Attention

මව පියා දරුවන් මතට ගසක් කඩා වැටීමෙන් පියා ජීවිතක්ෂයට.!

මව පියා දරුවන් මතට ගසක් කඩා වැටීමෙන් පියා ජීවිතක්ෂයට.!

අධික සුළං සමඟ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යට වී ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ දී අද (28) උදෑසන එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මතට මෙලෙස ගස කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අනතුරට ලක්වූවන් කඩිනමින් මුදාගෙන රෝහල් ඇති අතර පසුව පියා මියගොස් ඇත.

තුවාල ලැබූ මව දියණිය සහ පුත්‍රයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

හසලක නායයෑමකින් 08ක් ජීවිතක්ෂයට.. 09ක් අතුරුදන්.!

හසලක නායයෑමකින් 08ක් ජීවිතක්ෂයට.. 09ක් අතුරුදන්.!

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 08දෙනෙකු මියගොස් තවත් 09දෙනෙකු අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බව වාර්තා වෙයි.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

පාර්ලිමේන්තුව යටවෙන්න තව අඩි දෙකයි.!

පාර්ලිමේන්තුව යටවෙන්න තව අඩි දෙකයි.!

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇති බවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් දෙකක් පමණක් බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති බඩු භාණ්ඩ එහි ප්‍රධානීන්ගේ උපදෙස් මත සේවකයන් විසින් ඉහළ මාලයට රැගෙන යනු ලැබීය.

ජල ගැල්මක් ඇති වුවහොත් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂයෙන්ම පහළම පිහිටි කමිටු කාමර ප්‍රථමයෙන්ම ජලයෙන් යට වීමට වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඒවායේ පොත්පත් ගෘහ උපකරණ ඇතුළු බඩු භාණ්ඩ මෙසේ ඉවත් කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලි කොට්‌ට ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ.

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන අවධානයෙන් සිටීමට නාවික හමුදා කණ්ඩායමක්ද යොමු කරනු ලැබ සිටී.

වැසි සහිත කාලවලදී ඉහළ ප්‍රදේශවල ජලය ගලා ඒමෙන් දියවන්නා ඔය ඉතා ඉක්මනින්ම පිරී යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රට වටා ස්ථාන 65,000ක ලයිට් කැපෙයි.!

රට වටා ස්ථාන 65,000ක ලයිට් කැපෙයි.!

අයහපත් කාලගුණය නිසා අද උදෑසන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම විදුලි බිඳවැටීම් වලින් මේ වන විට 26,000කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

හැම තැනකම වර්ෂාව බොහෝ ඉහලින් වාර්තා වෙන අතර සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් කාලගුණ තත්ත්වය බලපෑම් එල්ල කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතින බව කීය.

මුදල් ගැන නොසිතා සහන සලසන්න.. ජනපති නියමයෙන් මිලියන 12,000ක් වෙන් කරයි.!

මුදල් ගැන නොසිතා සහන සලසන්න.. ජනපති නියමයෙන් මිලියන 12,000ක් වෙන් කරයි.!

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබා දී තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30ක් හදිසි අවශ්‍යතා සඳහා වෙන්කර ඇති බවය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍ර ලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වා ගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නේය.

සිර වී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු, හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දී ඇත.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වා ගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වා දීමටත් අදාළ අංශවලට දැනුම් දී තිබේ.

එමෙන්ම ගංවතුර, නායයාම් සහ ගස්කඩා වැටීම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරු වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛනවලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

කඩුවෙලින් අධිවේගය වැසෙයි.!

කඩුවෙලින් අධිවේගය වැසෙයි.!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී තිබේ.

කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණදී ඇති අතර, මේ හේතුවෙන් විකල්ප මාර්ග අනුව කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙයි.

වහාම හදිසි නීතිය පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලයි.!

වහාම හදිසි නීතිය පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලයි.!

රටේ දැඩි ආපද‍ා තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් වහා හදිසි නීතිය පනවන ලෙස සමගි ජන බලවේගය අද (28) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

මන්ත්‍රීවරයා පැවසූවේ හමුදාවට, පොලිසියට මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ආපදා කළමනාකරණ කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත්කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කීවේ ආපදා අවස්ථාවේ කඩිනම් තීරණ ගැනීම සඳහා හදිසි නීතිය අවශ්‍ය බවයි.

ගංවතුර හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ඉවතට ගනී.!

ගංවතුර හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ඉවතට ගනී.!

ගංවතුර මට්ටම ඉහළ යෑමෙන් යටවූ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙමින් පවතතී.

වෙළෙඳ ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

අනුරාධපුරය පුත්තලම මර්ගයේ කලා ඔය පාලමේ ජල පහරට සිරවී සිටිනා මඟීන් 60ක් සහිත බස් රථය මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීමටද කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින ආපද‍ා තත්වය හේතුවෙන් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු තව දුරටත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් යොදවා තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කොළඹ – නුවර පාර කෑගල්ලෙන් වසා දමයි.!

කොළඹ – නුවර පාර කෑගල්ලෙන් වසා දමයි.!

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බැවින් නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ හේතුවෙන් නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ය.

කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් කොටු වෙයි.!

කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් කොටු වෙයි.!

පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී ඇති බවත් පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බවත් වාර්තා වෙයි.

අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසූවේ එම තොරතුරු නිවරදි බවයි.

බස් රථයේ රියදුරු ප්‍රදේශ වාසීන්ගේ ධාවනය කිරීමෙන් පසු මෙම අනතුරට මුහුන පා ඇති බවත්, එම ස්ථානයේ 60 දෙනෙකු සිරවී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

සිරව සිටිනා පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවත් අනෙක් පුද්ගලයින් බේරාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් වාර්තා වෙයි.