Attention

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානා දෙකක් මෙරට ආපදාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, තවත් මානුෂීය ආධාර තොගයක් රැගෙන ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය.

මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ තොගයක් මෙලෙස පැමිණි C-17 වර්ගයේ ගුවන් යානා දෙකක රැගෙන විත් තිබිනි.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් නසීර් අල්අමේරි (H.E. Khaled Nasser AlAmeri) මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමුද් අල්ෆාරි (Dr. Hamood Alafari) මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය බාර ගන්නා ලදී.

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා මෙරටට ළගා විය.

මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහතා අවධාරණය කර සිටින්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් ලියූ උත්තර පත්‍රවලට ආපදා තත්ත්වයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම සියලුම උත්තර පත්‍ර ඉතා සුරක්ෂිතව තිබෙන බවත්ය.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ උසස් පෙළ සියලුම උත්තර පත්‍ර මේ වන විට නියමිත ආරක්‍ෂිත ස්ථානවල තිබෙන බවත් ආපදාවට ලක්වී නොමැති ප්‍රදේශවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි සිදුවන බවත්ය.

සෑම දිනයකම විභාගය අවසානයේදී සියලුම උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන බවත් එය වසර ගණනාවක් තිස්සේ නිවැරදිව සිදුවන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟද විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කොට අවධානයෙන් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.

අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.

මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්වාසීන් පවසති.

අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් ගම්වාසීන් විසින් පස් ඉවත්කරමින් සිටිනා බව සඳහන්.

එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය ගොස් සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සඳහන්.

ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් පැවසෙයි.

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දෙසැම්බර් (04) වන දින සිට උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 1,433ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 232,752ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේදී මෙරට තුළ ඇතිවිය හැකි සුළි කුණාටුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 4 සහ 5 යන දෙදින තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, ඉන් විශාල බලපෑමක් සිදුනොවනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

මේ අතර, ජල ගැලීම් පවතින ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ජල ගැලීම්වලින් අනතුරුව විවිධ රෝග ව්‍යාප්ත වීම හමුවේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

එළවළු පිටරටින් ගෙන්වයි.!

එළවළු පිටරටින් ගෙන්වයි.!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.

ආපද‍ා තත්වය හමුවේ මෙරට එළවළු වගාව බිම් රැසක් දැඩි හානියට ලක්වීම නිසා වෙළඳපොල තුළ එළවළු විශාල හිඟයක් මතුව ඇති අතර එම නිසා එළවළු මිලද විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

ගං වතුර ආදාර බෙදාදෙමින් සිටියදී මාලිමා මන්ත්‍රීවරයෙකුට පහර දුන් 6ක් අත්අඩංගුවට.!

ගං වතුර ආදාර බෙදාදෙමින් සිටියදී මාලිමා මන්ත්‍රීවරයෙකුට පහර දුන් 6ක් අත්අඩංගුවට.!

අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි

පහරකෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා හෝමගම මූලික රෝහලට ඇතුලත් ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය

අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ කොට්ඨාස සංවිධායකයෙකු විසින් ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සකස් කල ආහාර බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් තරඟ වැදුනු පිරිසක් බහින්බස් වී ඇති බවත් එහිදී මාලිමාලිමාවේ කොට්ඨාස සංවිධායකවරයාට පහර දීමක් සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ආධාර තීරු බදු වලින් නිදහස් කරයි.!

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ආධාර තීරු බදු වලින් නිදහස් කරයි.!

ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ශ්‍රී – බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම අරමුදල ජනාධිපති ලේකම් කාර්ලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම කමිටුවේ සභාපතිත්වය දරණ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා කමිටුවේ කැඳවුම් ලෙස කටයුතු කරනු ලබයි.

Follow WhatsApp Channel