Attention

කුරුණෑගල මාරක අනතුරකින් කාන්තාවකට බරපතලයි.!

කුරුණෑගල මාරක අනතුරකින් කාන්තාවකට බරපතලයි.!

අද අළුයම කුරුණෑගල විල්ගොඩ අතුරු මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අයහපත් කාළගුණ තත්වය අතරතුරු අධික වේගයෙන් පැමිණ ඇති වෑන් රථය ඉදිකෙරෙමින් පවතින පටු පාලමක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

කුරුණෑගල පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රුදුරු කාලගුණය බදුල්ලේ ජීවිත 11ක් බිලිගනී.. 7ක් අතුරුදන්.!

රුදුරු කාලගුණය බදුල්ලේ ජීවිත 11ක් බිලිගනී.. 7ක් අතුරුදන්.!

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සපවසන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මීට අමතරව තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බවයි.

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

එම අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙයි.

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

දකුණු ප්‍රදේශයෙ කේන්ද්‍රකරගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන දෙහි බාලේ මල්ලී නැමැත්තාට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවේ දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි.

එම ධීවර යාත්‍රා පහේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බවද පැවසෙයි.

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බව පැවසෙන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය වූයේ අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැති පුද්ගලයා වෙයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරන්දෙණිය සුද්දා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් ඉකුත් මැසි මස 4 වැනිදා සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකාර මහදුර ඉසුරු නැමත්තා පොලීස්‍යට පවසා තිබෙයි.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඔහුට අමතරව සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.

ජනපතිගෙන් සංගීත්ට පොරොන්දුවක්.. සංගීත්ගෙන් ජනපතිට සැලියුට් එකක්.!

ජනපතිගෙන් සංගීත්ට පොරොන්දුවක්.. සංගීත්ගෙන් ජනපතිට සැලියුට් එකක්.!

ගායන ශිල්පි සංගීත් විජේසුරිය මහතා පවසන්නේ තමා විසින් යූටියුබ් නාලිකාවක් සමඟ සිදුකරන ලද වැඩසටහනක කොටස් වැරදි අර්ථකතනයන් ලබාදෙමින් ප්‍රචාරය වි තිබෙන බවයි.

අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසියට එක්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩ පිළිවෙලට තමා ගරුකරන බවත් ඔහු පැවසීය

මීට පෙර පැවති ආණ්ඩුවලින් මේ ලෙසින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමක් සිදු නොකල බවත් යම් ලෙසකින් ඇල්ලු මත්ද්‍රව්‍ය කුරක්කන් පිටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය නොවන ද්‍රව්‍යක් වු බවත් ඔහු සඳහන් කළේය.

එලෙස අල්ලන මත්ද්‍රව්‍ය එම අවස්ථාවේම විනාශ කල යුතු බව තමා විසින් වසර ගණනාවක සිට පවසන බව පැවසු ඔහු එලෙස විනාස නොකරන එම මත්ද්‍රව්‍ය නැවත වෙළදපලට පැමිණි බව අවධාරණය කළා.

මේ සඳහා නව නිතියක් සම්පාදනය කලයුතු බවත් ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වු බවත් සංගීත් මහතා පැවසුවා.

සංගිත් විජේසුරිය මහතා මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කරන අවස්ථාවේදි නිති සම්පාදනය කිරිම පිළිබඳව මිට පෙර පැවති ආණ්ඩුවලට පැවසුවද එය ක්‍රියාත්මක නොකල බව අවධාරණය කළා.

එවකට සිටි දේශපාලකයින් හට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබු බව පැවසු සංගීත් මහතා එයට හේතුව ලෙස ඔවුන් මෙම ජාවාරම්වල කොටස්කරුවන් බව පැවසුවා.

පාස්කු ප්‍රහාර සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි.!

පාස්කු ප්‍රහාර සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි.!

2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු මේ වන විට එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සැකකරු 2022 වසරේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත්, පසුව ඇප මත නිදහස් කර තිබේ. නිදහස් වීමෙන් අනතුරුව, ඔහු එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහු සරණාගතභාවය ඉල්ලා ඇත.

තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන මෙම සැකකරු, ශ්‍රී ලංකා පොලීසිය තම නිවසට පැමිණ තමන් සොයා බැලූ බැවින්, නැවත මව් රටට යාමට සිදුවුවහොත් හිංසාවට හා පීඩාවලට ලක්විය හැකි බවට බිය පළ කරමින් සිටී. විදෙස් මාධ්‍ය විසින් මෙම සැකකරුගේ අනන්‍යතාවය නිර්නාමිකව දක්වා ඇති අතර, ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ සරණාගත භාවය ඉල්ලුම් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉල්ලීම් එරට ස්වදේශ කටයුතු කාර්යාලය (Home Office) විසින් මුලින් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, සැකකරු විසින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්, එම නඩුව මේ වන විට නැවත විභාගයට ගෙන ඇති බව වාර්තා වේ.

එරට නඩු විභාගයේදී සැකකරු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි: “2022 ජනවාරි 5 වන දින මා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අල්ලසක් ලබා දී නිදහස් විය. ඉන්පසුව, 2022 සැප්තැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටත්ව ගිය අතර, ඊට දින කිහිපයකට පසු, එනම් 2022 සැප්තැම්බර් 15 වන දින මා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.”

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද විය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර 42 හැවිරිදි ඇනීටා නිකල්සන් මහත්මිය සහ ඇගේ දරුවන් වන 14 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සහ 11 හැවිරිදි ඇනබෙල් ද වූහ.

ඇන්ටනා රූපවාහිනියට සමුදෙන්න රජය තීරණය කරයි.!

ඇන්ටනා රූපවාහිනියට සමුදෙන්න රජය තීරණය කරයි.!

වසර 46ක් පමණ පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනි නාලිකා (Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

මෙම තාක්ෂණය යටතේ නාලිකා පවත්වාගෙන යාම සඳහා මේ වන විට ආයතන 15ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර (රාජ්‍ය මාධ්‍ය නාලිකා 5ක් ද ඇතුළුව) රූපවාහිනි නාලිකා 24ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබන අතර ඒ වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනි නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දිම අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර තිබුණා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

ව්‍යාපෘතිය අවසන් වී වසර 02කින් පසු පැරණි භෞතික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පුර්ණයෙන් වසා දැමීමට නියමිත වී ඇති බැවින්, ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබා දීම ඵලදායී නොවන බව නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රූපවාහිනී නාලිකා භෞමියාව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලියෙන් සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනි නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාන්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

SLBFE හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.! [Breaking News]

SLBFE හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.! [Breaking News]

අල්ලස් කොමිසම විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊශ්‍රායලයට සේවකයින් යැවීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මතයි.

පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුව ඇතැයි කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණා.

එම සිදුවීමට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.