පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම නඩුව සදහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදුන්නේය.
දිනපතා පැවති සාක්ෂි විමසීම්වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශවයන් වෙනුවෙන් සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස (24) වනදා අවසන් කෙරිණි.
