Local news

රාජපක්ෂ පරම්පරාවම අනිවාර්යෙන් නීතිය හමුවට ගෙනියන්න ඕන

රාජපක්ෂ පරම්පරාවම අනිවාර්යෙන් නීතිය හමුවට ගෙනියන්න ඕන

වත්මන් රජය නීතිය හරියටම ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

රටට සාධාරණය ඉටු කිරීම අගයන්න අවශ්‍ය බවත් රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න අවශ්‍ය බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ,

“රජය හරියට නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මෙතෙක් දුරට හරි මාර්ගයට ගිහිල්ලා තියෙනවා කියලා මගේ මතය. ඉතුරු ටිකත් අපිට බලාගෙන ඉන්න වෙනවා.

මේ රජය ඒ වෙනුවෙන් උනන්දුවක් අරගෙන ජනතාවට, රටට සාධාරණය ඉෂ්ට කරන්න උත්සාහ කරන එක අපි අගයන්න ඕනි. රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න ඕනේ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කරයි.

අන්තවාදය ගැන ලියපු පොත එළිදක්වා ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරයට

අන්තවාදය ගැන ලියපු පොත එළිදක්වා ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරයට

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් රචනා කරන ලද “9.05 විකෘතිය ලෝකය කැළඹූ මතවාදයක ලාංකික සෙවණැලි” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතය.

කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව ඇත.

දිගු කලක් තිස්සේ විවේචනයට හා විරෝධයට ලක් කළ ආගමික අන්තවාදී මතවාදයන්හි පසුබිම මෙන්ම, එමඟින් ලාංකේය සමාජ දේහයට එල්ල වී ඇති බලපෑම් සහ එහි සැඟවුණු පැතිකඩ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත්ව ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

අධිකරණයට අපහාස කළ බවට සිර දඩුවම් නියමව සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් ඒම සමාව අධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිතය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිත පසුබිමක මෙම ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

අමෙරිකාව සමග පවතින මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නව කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දී ඇතැයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි සඳහන් කරයි.

සියලු පෙරමුණු වලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම එම කොන්දේසි අතරට ඇතුළත් වේ.

නැවත සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති අතර යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙස ඉරානය සඳහන් කරයි.

පොලිස් ලොක්කෝ තිදෙනෙකුගේ තරු ගලවයි.. ධූරයෙන් ඉවතට

පොලිස් ලොක්කෝ තිදෙනෙකුගේ තරු ගලවයි.. ධූරයෙන් ඉවතට

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයකට අනුව එම තනතුරු වලින් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා විශේෂ රාජකාරි පදනම මත පොලිස් මූලස්ථානය වෙත කැඳවා ඇත.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාරව කටයුතු කළ මයුර පෙරේරා, අධිවේගී මාර්ග කොට්ඨාසය භාරව සිටි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත සහ පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය හෙබවූ පී.ජී.එස්. ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා එලෙස කැඳවා ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවය කරමින් සිටි එම නිලධාරීන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සහකාර පොලිස් අධිකාරී ධුරවලට උසස් කිරීමෙන් පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරවල කටයුතු කරන එම නිලධාරීන් තිදෙනාගේ අදාළ උසස්වීම් බලශූන්‍ය කරන ලෙස පසුගියදා නියෝග කර ඇත.

හාම්පුතා පිනවන්න දේශපාලන දඩයමක.. අංක එක නාමල්

හාම්පුතා පිනවන්න දේශපාලන දඩයමක.. අංක එක නාමල්

මේ වනවිට විශාල දේශපාලන දඩයමක නිරත වන බවත් එම දේශපාලන දඩයමේ අංක එක විදිහට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්වෙලා තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීති ලේකම්, නීතීඥ අතුල ද සිල්වා සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ අතුල ද සිල්වා සඳහන් කළේ,

“තමන්ගේ දේශපාලන වේදිකාවල කතා කරපු කට්ටිය පොලීසියේ ඉහළ තනතුරු වලට පත් කරලා තියෙනවා. එතකොට ඔවුන්ගෙන් අපිට සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද.

ඔවුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන හාම්පුතා පිනවන්නට මිස සාධාරණ විදියට යුක්තිය ඉටු කරන්න නෙමෙයි. ඉතින් මේක නිසා රාජ්‍ය බලය උදුරාගැනීමේ ප්‍රතිථලයක් විදියට විශාල දේශපාලන දඩයමක අද නිරත වෙනවා.

මේ දේශපාලන දඩයමේ අංක එක විදිහට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා.”

රටින් පළාගිය බැසිල්ට නඩු දෙකයි.. වරෙන්තු දෙකයි

රටින් පළාගිය බැසිල්ට නඩු දෙකයි.. වරෙන්තු දෙකයි

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින, මේ වනවිට රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සඳහා නඩු දෙකකට අදාළව මේ වනවිට වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙනවා.

1.අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම.

අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වේ.

මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය මස (18) වනදා ඇප මුදල් රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2.සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අයථා පරිහරණය.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරක කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වේ.

රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ටී ෂර්ට් 12,000ක් බෙදාහැරීම යන චෝදනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල වී ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය නඩු වාරයේදී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය ඊට අදාළව කරුණු කිහිපයක් මෙරටින් ඉල්ලා ඇත.

එම කරුණු වලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

කරපු හොර වැඩ හෙළිවෙද්දි හිටපු මැති ඇමතිලා රටින් පනින්න සැරසෙයි

කරපු හොර වැඩ හෙළිවෙද්දි හිටපු මැති ඇමතිලා රටින් පනින්න සැරසෙයි

සිය බලය භාවිතා කරමින් සිදුකළ විවිධ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් දැඩි විමසිල්ලෙන් සිටින බව වාර්තා වේ.

එම දූෂණ චෝදනා වලට ලක්ව සිටින ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

තවද, විමර්ශන ආරම්භ වීමත් සමඟ මෙරටින් පිටව ගොස් නැවත මෙරටට නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මේ වනවිට කරුණු රැස් කරමින් පසුවන අතර එම පුද්ගලයින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ වනවිටත් හිටපු මැති, ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය

දකුණු පළාතේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) නිල වශයෙන් හෙට (20) දින ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන ගාල්ල, බටදූව පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් හෙට (20) නිල වශයෙන් විවෘත කර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරනු ලබයි.

ප්‍රථම වරට දකුණු පළාත කෙන්ද්‍ර කර ගනිමින් පරික්ෂණ කාලයකින් පසුව ජාතික විදුලි පද්ධතියට මෙම බලාගාරය සම්බන්ධ කරන අතර මේ වනවිට මාතර ප්‍රදේශයේ ද මෙවැනිම පද්ධතියක් ස්ථාපිත කරමින් පවතියි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු සහ තෙවන අදියරට නව සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු සහ තෙවන අදියරට නව සැලසුම්

මීට වසරකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය අරමුදල් යොදා නැවත ඉදිකිරීම් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම (39km) පළමු මාර්ග කොටස සහ එහි තෙවන අදියර පොතුහැර ගලගෙදර (32.85km) මාර්ග ව්‍යාපෘතියත් කඩිනමින් නිම කිරීමට ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කටයුතු ආරම්භ කර ඇත.

එහිදී ඉදිකිරීම් වල නිරත සමාගම් කළමණාකාරීත්වය සමඟ ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා නව යෝජනා ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එමෙන්ම සේවක කණ්ඩායම්වල පවතිනන ගැටලු ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම් ඉන්ධන හා ප්‍රවාහන සේවා පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විශේෂයෙන් සේවක කණ්ඩායම්වල සුභසාධනය වැටුප් ගෙවීම් ආරක්ෂක තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද දේශීය කොන්ත්‍රාත් සමාගම්වලට නව තාක්ෂණය බද්ධ කර ගනිමින් පවතින සේවා තත්ත්වයට වඩා උසස් කාර්යසාධනයක් ක්ෂේත්‍රයට ළඟා කර ගැනීම පිළිබඳව අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රටේ පැවැති ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවූ බලපෑමත් බුද්ධිගලනය හෙතුවෙන් වෘත්තිකයින් රට හැර යාම තුළින් ඉදිකිරීම් අංශයට සිදු වූපසුබෑම යළි යථාවත් කර ගැනීමට වත්මන් රජය යටතේ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා කර්මාන්තයට අදාල යෝජනාද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මරණ දඩුවම නියම වු අනෝජන්ට සමාව ගන්න උත්සාහ කරනවා

මරණ දඩුවම නියම වු අනෝජන්ට සමාව ගන්න උත්සාහ කරනවා

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමග සාකච්ඡා කිහිපයක් සිදුකර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත්වී වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?