අද (17) දින දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී ඇත.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්සේ පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක්කර ඇත.
ඊයේ (16) රාත්රී 10.30ට පමණ ආරම්භ වූ මෙම සෝදිසි කිරීම අද (17) දින අලුයම 4.30 පමණ වන තෙක් පැය 6කට ආසන්න කාලයක් අඛණ්ඩව ක්රියාත්මක වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.
අල්ලස් කොමිසම සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සම්පූර්ණ නිවසම සෝදිසියට ලක්කර එම නිවසේ පුද්ගලයින්ගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම හදිසි පරීක්ෂාව සිදුකිරීමට නිශ්චිත හේතුව හෝ ඒ සම්බන්ධ නිල තොරතුරු අදාළ විමර්ශන අංශ විසින් මෙතෙක් හෙළිකර නොමැත.
කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද (17) දින අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ නිළධාරීන්ද ඇතුළුව විශේෂඥ කණ්ඩායමකට ඇතාගේ සිරුර යොමුකර මරණයට හේතුවූ කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාවන්තිස්ස ඇතා ඊයේ (16) පස්වරුවේ මියගිය අතර කාවන්තිස්ස, මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකි.
සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක පිහිටි වෙල්යායක වැටී සිටියදී කාවන්තිස්ස ඇතා ඊයේ (16) පෙරවරුවේ සොයා ගනු ලැබුවේය.
වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයටයි.
පෙරේදා ප්රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්ස ඇතා එම ස්ථානයේ ඇද වැටී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා පැය 24 පුරා ප්රතිකාර කටයුතුවල නිරතව සිටියහ.
වෛද්ය ප්රතිකාර හමුවේ, ඇතාගේ වෙඩි වැදුණු තුවාලය සුව අතට හැරි තිබුණ ද ආහාර නොගැනීම හේතුවෙන් එම සත්ත්වයා විජලන තත්ත්වයකට පත්ව යළි දැඩි අසාද්ය තත්ත්වයට පත්ව ඇත.
කෙසේ වෙතත් කාවන්තිස්ස ඇතාගේ ජීවිතය අවසන් වීම, හුදු සාමාන්ය මරණයක් නොවන බවත් අලි මිනිස් ගැටුමේ හා නොසැලකිල්ලේ එකතුවක් ලෙස සිදුවූ ඝාතනයක් යන චෝදනාව කිසිවෙකුට බැහැර කළ නොහැක.
එනිසා ඉක්මන් සහ විනිවිද පරීක්ෂණයක් අවශ්ය බවත් වගකීම් පැහැර හැරිය සියලුම පුද්ගලයින්ට නීතිය ක්රියාත්මක විය යුතු අතර රටේ ජාතික සම්පත කාවන්තිස්සට යුක්තිය ඉටු විය යුතුයි.
මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්රව්ය එවීමට සැලසුම් කළ, තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්රි කලගම් (TVK) පක්ෂයේ ක්රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙටම්පෙටමින් (Methamphetamine) නම් මත්ද්රව්ය කිලෝග්රෑම් 100ක් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති අතර TVK පක්ෂ ක්රියාකරු තමිල්නාඩු ප්රාන්තයේ නාගපතිනම් දිස්ත්රික් විධායක කමිටු සාමාජිකයෙකුවන එන්. භූපාලන් නම් 42 හැවිරිදි පුද්ලගයෙක් එම පිරිස අතර සිටී.
නාගපතිනම් සිට ශ්රී ලංකාවට මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලද රහසිගත තොරතුරක් මත, ඉන්දීය ආරක්ෂක අංශ ඊයේ (16) දින එක් සැකකරුවෙකුගේ නිවසක් වටලා පරීක්ෂා කර ඇත.
එහිදී ලද තොරතුරු මත මෙම මත්ද්රව්ය ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන භූපාලන්ගේ නිවස තවත් නිලධාරී කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය තොගය හමුවී ඇත.
භූපාලන්ගේ බිරිඳ ශ්රී ලංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා උපකාරී වන්නට ඇති බව නිලධාරීන් සැකපළ කරයි.
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) රාත්රියේ කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති අතර එම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 7ක්, දැරියක් හා පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට ඇතිව තිබෙන සැපයුම් බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගෙන ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
ඊයේ (16) දින ගෑස් සැපයුම සඳහා අවශ්ය මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් GAS GOODWILL නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදුකර ඇත.
ඉදිරි දින කිහිපය තුළ දෛනික අවශ්යතාවයට වඩා වැඩි ප්රමාණයක් වන කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 100,000ත් අතර ප්රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
ඒ අනුව ගෑස් පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
තවද මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව එළැඹෙන (18) වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
මෙම සැපයුම් තොග ලැබීමත් සමග රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳපොළට සාමාන්ය පරිදි ගෑස් බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
තමාට එරෙහි විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝෂන් පත්රයක් ගොනු කර ඇත.
සිංගප්පූරුවේ හෘදරෝග සැත්කමකින් පසුව සිදු කිරීමට ඇති පශ්චාත් ප්රතිකාර කටයුතු සඳහා පිටත්ව යාමට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ එමගින් ඉල්ලා ඇත.
මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව එම විදේශ ගමන් තහනම නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට අයත් මෝටර් රථය සිය භාරයට ගෙන ඇත.
මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙන් එම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන ඇත.
අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත අපොහොසත්වී ඇත.
රටේ ජනතාව අතර අතිශය ජනාදරයට පත්ව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියගොස් ඇත.
සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවු හස්තිරාජයාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය (24) වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර ලදී.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුවවී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව සඳහන් කරයි.
කාවන්තිස්ස හස්තිරාජයා මෙරට සිටින විශාලතම සහ උසම ඇත් රජෙකු ලෙස සැලකෙන අතර ඇතා ගල්ගමුව ප්රදේශයේ වාසය කළේය.