උත්සව සමයේ කන්න පෙර හිතන්න

එළැඹෙන උත්සව සමයේදී ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දීමක් කරයි.

ඒ අනුව ශීත කළ මාළු සහ මස් මිලදී ගැනීමේදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

තවද, අසුරණ ලද ආහාර මිලදී ගැනීමේදී ඒවා කල් ඉකුත්වීමේ දිනය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

උත්සව සමයේදී ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී කටයුතු කරන බවද සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel