ඩුබායි පැන්න පොලිස් රාලහාමි කුදලාගෙන එයි

ඩුබායි වෙත පලාගොස් සැඟවී සිටි ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩි නැමැත්තාව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් ඇත.

මොහු අනුරාධපුරය, පේමඩුව හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ගල්කිස්ස පොලීසියට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී, සිය රාජකාරී ටී-56 ගිනිඅවිය සොරකම් කර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදීමෙන් අනතුරුව ඔහු ඩුබායි වෙත පලාගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුව අද (26) අලුයම අලුයම 05.20ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇත.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel