හිටපු ඇමති ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවම්

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනා වලට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව අනුව, පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර ඇත.

දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කර ඇත.

තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

4 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel