සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි මහල් 80කින් සමන්විත Public Investment Fund (PIF) Tower ගොඩනැගිල්ලට යළිත් වතාවක් හූති ප්රහාරයක් එල්ල වී ඇත.
ඉන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තුවාල ලැබූවන් අතර ඉන්දියානු, නේපාල සහ ඊජිප්තු ජාතිකයන් සිටින බව සෞදි සිවිල් ආරක්ෂක අංශ සඳහන් කරයි.
ප්රහාරය සම්බන්ධයෙන් යේමනයේ හූති සටන්කාමීන්ට චෝදනා එල්ල වී ඇති අතර සෞදි ප්රමුඛ සන්ධානය එය ‘ත්රස්තවාදී ප්රහාරයක්’ ලෙස හෙළා දැක ඇත.
සෞදි අරාබියේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ ප්රධාන ආයතනයක් වන රාජ්ය ආයෝජන අරමුදලේ මූලස්ථානය මෙම ගොඩනැගිල්ල තුළ පිහිටා ඇත.
