Local news

එකට මත්පැන් බී සිදුකළ අමානුෂික ඝාතනය

එකට මත්පැන් බී සිදුකළ අමානුෂික ඝාතනය

නාගොඩ පොලිස් වසමේ දෙහිගොඩවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට නාගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 54 ක් වූ මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මරණකරු මිතුරන් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මිතුරන් දෙදෙනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අවුරුදු 48 හා 59 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර නාගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

හිනාවෙවී ආ නාමල් හැඬු කඳුලින් පිටව යයි.. අධිකරණයෙන් නියෝග

හිනාවෙවී ආ නාමල් හැඬු කඳුලින් පිටව යයි.. අධිකරණයෙන් නියෝග

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (16) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන (23) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකාර ජානකී සිරිවර්ධන ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කර ඇත.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක්

අද (16) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

පොලීසිය සිදුකළ එම ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

අසනීප ශිරන්ති තවමත් රෝහලේ.. අද මොකද වෙන්නේ.?

අසනීප ශිරන්ති තවමත් රෝහලේ.. අද මොකද වෙන්නේ.?

රක්ෂිත බන්ධනාගාර ගත කළ, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍ය මණ්ඩල වාර්තාව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට භාරදී ඇත.

එම වෛද්‍ය මණ්ඩලයට වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළත් වන අතර එම වාර්තාව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මගින් අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

පසුගිය (13) වනදා නඩුව කැදවූ අවස්ථාවේ හෘද රෝගී තත්ත්වය හේතුවෙන් ශිරන්ති රාජපක්ෂට එදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව, ශිරන්ති රාජපක්ෂගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.

ලක්ෂ 730ක මුදලකින් ඉඩම් මිලදී ගත් යෝෂිතගේ පැටිකිරිය හෙළිවෙයි

ලක්ෂ 730ක මුදලකින් ඉඩම් මිලදී ගත් යෝෂිතගේ පැටිකිරිය හෙළිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ පුහුණුව සඳහා පවුම් 4,000ක අධික මුදලක් සහ දීමනාවක් ලබාදෙන ලෙස එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ඉල්ලීමක් කර තිබු බව අධිකරණයේදී අනාවරණ විය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර කොළඹ මහාධිකරණ හමුවේ සඳහන් කළේය.

අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩුව කැඳවයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියාගේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ,

“ස්වාමිනී., යෝෂිත කනිෂ්ක රාජපක්ෂ 2006 වසරේ දෙසැම්බර් (14) දින සිට 2016 වසරේ පෙබරවාරි (28) දක්වා නාවික හමුදාවේ ලුතිනන්වරයෙක් ලෙස සේවය කළා. 2016 වසරේ පෙබරවාරි (28) වැනිදා නාවික හමුදාවෙන් ඔහුගේ සේවය අත්හිටුවනවා.

ඔහුට මාසික වැටුප ලෙස 16,500ක මුදලක් ලැබී තිබෙනවා. අදාල වැටුපෙන් රුපියල් 110ක මුදලක් කැපී රුපියල් 16,390ක මුදලක් වැටුප් ලෙස ගෙවා තිබෙනවා. මෙම වැටුප ඔහුට දීමනා ද ඇතුලත්ව ලද මාසික වැටුපයි.”

මෙහිදී යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ තරුණ නිලධාරීන්ගේ පුහුණුවට යෑම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා සිටිමින් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බව අනාවරණය කරයි.

“ස්වාමීනී., හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 2014 වසරේ මැයි (18) වැනිදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලේඛනයක් නිකුත් කරමින් යෝෂිත කනිෂ්ක රාජපක්ෂට එක්සත් රාජධානියේ පැවැත්වෙන නාවික හමුදා තරුණ නිලධාරීන්ගේ පුහුණුවට යෑමට ආහාර හා නවාතැන් පහසුකම් සඳහා පවුම් 4174.80 මුදලක් හා පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් 20,362ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.”

එවක විනිමය අනුපාත අනුව පවුම් 4174.80 මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න වේ.

“ස්වාමීනී., යෝෂිත කනිෂ්ක රාජපක්ෂට 2006.02.14 දින සිට 2016.02.28 දක්වා නාවික හමුදාවෙන් වැටුප් හා දීමනා ලබාදී තිබෙනවා. නාවික හමුදා නිලධාරීන්ගේ දළ වැටුප සැකසෙන්නේ, මුලික වැටුප හා දීමනා යන දෙකම ඇතුලත්ව.

ඒ අනුව යෝෂිත කනිෂ්ක රාජපක්ෂට මාසික වැටුප ලෙස රුපියල් 16,390ක මුදලක් ගෙවා තිබෙනවා. ඔහු සේවය කළ 2006 වසරේ සිට 2016 දක්වා කාලයට ඔහුට නාවික හමුදාවෙන් වැටුප් හා දීමනා ලෙස රුපියල් 5,150,626 මුදලක් ගෙවා තිබෙනවා.”

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවෙන් එහි ලිපිකරු සෙනරත් බණ්ඩාර ඒකනායක සාක්ෂි දෙමින් සඳහන් කළේ,

“ඩේසි ෆොරස්ට් නම් තැනැත්තියකගේ බව කියන දේපල සම්බන්ධව නුගේගොඩ දිසා අධිකරණයේ නඩුවක් විභාග වී තිබෙනවා. එම නඩුව සම්බන්ධව 2017.03.15 වැනිදා එවකට නුගේගොඩ දිසා විනිසුරු ලෙස කටයුතු කළ සහන් මාපා විනිසුරුවරයා නියෝගයක් ලබාදි තිබෙනවා.

එම නඩුවේ නියෝගයෙන්, 3 වෙනි විත්තිකාරිය ඩේසි ෆොරස්ට්ගේ බූදලය කළමනාකරණයට නම් කර තිබෙනවා. ඒ වගේම ඩේසී ෆොරස්ට්, ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නම් රෝගී තත්ත්වයගෙන් පසුවීම හේතුවෙන් ඇයගේ ආරක්ෂකයා ලෙස දෙවන විත්තිකාරිය නම් කර තිබෙන බවද අදාල නියෝගයේ සඳහන් වෙනවා.

නමුත් අදාල නියෝගයේ ඩේසි ෆොරස්ට්ගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණය සෑහිමකට පත්වන බවට සටහනක් නෑ. එම නඩුවේ තුන්වන විත්තිකාරියව ඩේසි ෆොරස්ට්ගේ බූදලය කළමනාකරණයට නම් කර තිබුණද එම බූදලයේ විස්තරයක් නඩු වාර්තාවේ ඇතුලත් වී නෑ. ඩේසි ෆොරස්ට්ගේ නිශ්චල, චංචල දේපල හෝ මුදල් සම්බන්ධව කිසිඳු ලැයිස්තුවක් නඩු වාර්තාවේ හෝ නියෝගයේ නෑ.”

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් (30) වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මහින්දට සැදෑ සමයේ ශිරන්තිගේ රැකවරණය අහිමිවෙයි.. සෞඛ්‍ය තත්ත්වය.?

මහින්දට සැදෑ සමයේ ශිරන්තිගේ රැකවරණය අහිමිවෙයි.. සෞඛ්‍ය තත්ත්වය.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සැදෑ සමයේදී බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක, ආණ්ඩුව විසින් ශිරන්ති රාජපක්ෂ සිරගත කළ බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කළේ,

“මහින්ද රාජපක්ෂ මැතිතුමා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එතුමාගේ තත්ත්වය බරපතල තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමින් යහපත් තත්ත්වයක එතුමා පසුවෙනවා.

එතුමාගේ සැදෑ සමයේදී බිරිඳගේ රැකවරණය අවශ්‍ය මොහොතක තමයි ආණ්ඩුව විසින් ශිරන්ති රාජපක්ෂ මැතිණිය සිරගත කිරීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ අපේ ගෙවල්වල වුණත් දන්න දෙයක් තමයි,

බිරිඳ ඉන්න ඕන සැමියාට අඩු තරමේ බෙහෙත් ටික හරි දෙන්න. ඇත්තටම ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපති ආර්යාව විදිහට ගෙදරට වෙලා බුදිය ගත්තා නම් අද මේ කිසිම ප්‍රශ්නයක් නෑ.

හැබැයි එතුමිය ලෝකේ ජනාධිපති ආර්යාවන් හැම දෙනාම කරනවා වගේ සමාජ සේවය කරන්න ගිහිල්ලා, මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා, දරුවන්ට පෙරපාසල් කරන්න ගිහිල්ලා, ඇස් නැති ලමයින්ට ඇස් සැත්කම් කරන්න උදව් කරන්න ගිහිල්ලා.

එතුමිය ජනාධිපති ආර්යාව විදිහට අම්මා, තාත්තා නැති එල්ටීටී දරුවෝ, සුනාමි දරුවෝ කිහිප දෙනෙක්ම, විශාල සංඛ්‍යාවකට මවක් ලෙස අධ්‍යාපනය ලබාදුන්නා. එවැනි දේ කරපු නිසා තමයි දැන් මේ හැමදේටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.”

“සිවුරට අත නොතබනු” ඥනසාර හිමි වෙනුවෙන් සජිත් පෙරමුණ ගනී

“සිවුරට අත නොතබනු” ඥනසාර හිමි වෙනුවෙන් සජිත් පෙරමුණ ගනී

“නුවර සිට කොළඹට පාගමනින් පැමිණි භික්ෂුන් වහන්සේලා මේ වන විට ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නියැලී සිටී.

උන්වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීමට සකස් කළ තාවකාලික අට්ටාලය කඩා එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේටද පීඩාකාරි වන සේ කටයුතු කර පිරිසක් අත්අඩංගුවට ගත් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

ජනාධිපතිවරයා කඩිනමින්, පුද්ගලිකව මැදිහත් වී ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම් වලට විසදුම් ලබා නොදී, මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම තරයේ හෙළා දකිමු.

ජනාධිපතිවරයා කළයුත්තේ මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම නොව, චීවරයට නිසි ගරුත්වය ලබා දෙමින් උන්වහන්සේලා සමඟ සෘජුව සාකච්ඡා කර විසදුම් ලබා දීමය.

එම නිසා භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා සිදුකරමින් කරන මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාට සහ රජයට බල කර සිටිමු.”

එක්සත් ජාතික පක්ෂ නිවේදනයේ විකෘති අදහසක්

එක්සත් ජාතික පක්ෂ නිවේදනයේ විකෘති අදහසක්

බන්ධනාගාර නියෝග විකෘති කරමින් ජනතාව නොමග යවන ආකාරයට එක්සත් ජාතික පක්ෂය (UNP) විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර විසින් අද (15) පිළිතුරු ලිපියක් යොමුකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයේ හිතාමාතා බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 550 එක් කොටසක් පමණක් උපුටා දක්වමින් මහජනතාව⁣ නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව කණගාටුදායක බව අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ නමකට අදාළ කරුණක් වැනි සමාජයට සංවේදී කරුණක් අරභයා මෙවැනි විකෘති සහගත අදහසක් සමාජගත කිරීමට වගකීම් සහගත දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම කනගාටුදායක තත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

නීතිමය විධි විධානයක එක් කොටසක් පමණක් පදනම් කර ගනිමින් කරුණු ඉදිරිපත් කිරීම තුළ වැරදි හෝ අසම්පූර්ණ අවබෝධයක් ඇති විය හැකි බව නීතිය පිළිබඳ අවම හෝ අවබෝධයක් සහිත අයෙකුට අවබෝධ විය යුතු කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් යන්නේ නෑ

ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් යන්නේ නෑ

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාව’ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ ඇත.

මෙම පාගමනේ හයවැනි දිනය වන අද (15) දින කඩවතින් ආරම්භ කළ පාද යාත්‍රාව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියේය.

පාද යාත්‍රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් පසුගිය (10) වැනිදා මෙම පාද යාත්‍රාව ආරම්භ කළේය.

යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවු අතර වැඩිදුර සාක්ෂි විභාගය මේ මස (30) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Follow WhatsApp Channel