ඉරානය සමඟ සාකච්ඡාවලදී පැහැදිලි එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, 2027 වසරේදී ඉරානයට එරෙහි යුද මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඉරාන නාවික කටයුතු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව පනවා ඇති නාවික අවහිරය කිසිදු වෙනසකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මේ වනවිටත් මැදපෙරදිග පවතින අර්බුදය අවසන් කිරීමට ඉරානය යෝජනා ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා සහ කොන්දේසි ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් වසා දමා ඇති අතර ඉරානයට හිතවාදී රටවල නෞකා වලට පමණක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අවසර ලබාදී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ අමෙරිකානු ‘ප්‍රෙඩේටර්’ (Predator) වර්ගයේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට සමත් වූ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.
