Local news

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අමෙරිකා එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ගමන් බාධා හෝ හදිසි වෛද්‍ය අවශ්‍යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා, සංචාරක වියදම් සම්පූර්ණයෙන්ම දැරීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බවට වග බලා ගන්නා ලෙසට අවධාරණය කර ඇත.

තවද, වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා මනා සූදානමකින් යුතුව සහභාගී වන ලෙසත් එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් දන්වා ඇත.

වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙසත් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් බව දැඩිව අවවාද කර ඇත.

එමඟින් වර්තමාන වීසා බලපත්‍රය අහිමි වීමට අමතරව අනාගතයේදී කවරදාකවත් අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමට එය හේතු විය හැකි බවද සඳහන් කරයි.

යෝෂිත මිලියන ගණනක නාවික හමුදා වැටුපක් ගත් හැටි හෙළිවෙයි

යෝෂිත මිලියන ගණනක නාවික හමුදා වැටුපක් ගත් හැටි හෙළිවෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

එම නඩුව විභාගයට ගත් අවස්තාවේදි යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලයේ ලබාගත් වැටුප ගැන නාවික නිලධාරියෙකු සාක්ෂි ලබාදුන්නේය.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.

ඊට දීමනා ඇතුළත් නොවන බවද එම සාක්ෂිකරු සඳහන් කළේය.

බෝග 13කට ලබාදෙන සහනාධාරය දෙගුණයකින් වැඩි කරයි

බෝග 13කට ලබාදෙන සහනාධාරය දෙගුණයකින් වැඩි කරයි

බෝග 13ක් සඳහා ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබාදෙන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වී ඇතුළු බෝග 13ක් සඳහා හෙක්ටයාර දෙකකට රුපියල් 60,000ක සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

එම සහනාධාර මුදල පෙර පැවතුණේ රුපියල් 30,000ක් ලෙස බවත් එය දෙගුණයකින් ඉහළ දැමු බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

මීට පෙර වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කළ ගොවීන්ට කිසිදු සහනාධාරයක් නොලැබුණු පසුබිමක, එම ගොවීන්ට ද සහනාධාර ලබාදීමට පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ තාර ආනයනය ගැන තීරණයක්

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ තාර ආනයනය ගැන තීරණයක්

මේ දිනවල මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධනයට අවශ්‍ය තාර හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප රටවල්  5කින් තාර ආනයනය ආරම්භ කර ඇතැයි, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මීට පෙර ඉරානයේ නිශ්පාදිත උසස් තත්ත්වයේ තාර වැඩි වශයෙන් ආනයනය කළ බවත් යුද ගැටුම් සහ හෝමුස් අවහිරය හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මෙරටට තාර ආනයනය කිරීම ඇනහිටි බව, එහි අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මෙරට මාර්ග නඩත්තු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මසකට අවම වශයෙන් තාර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ අවශ්‍ය බවද අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මේ වනවිට විකල්ප මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් සුළු වශයෙන් තාර ආනයනය ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

අමෙරිකානු සම්බාධක වලට හසුවීමේ බිය සහ යුදමය තත්ත්වයන් හමුවේ ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානම හේතුවෙන්, තාර මෙරටට ගෙන්වා ගැනීමේදී නැව් සමාගම් බොහෝමයක් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2025, 2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් නොවැම්බර් (30) වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2025, 2026 තක්සේරූ වර්ෂය සඳහා සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙරොයින් කිලෝ 100ක් අල්ලයි

හෙරොයින් කිලෝ 100ක් අල්ලයි

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය පැකට් 120ක අසුරා තිබියදී සොයාගෙන ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. 

ශිරන්තිට අද විශේෂ දවසක්

ශිරන්තිට අද විශේෂ දවසක්

රක්ෂිත බන්ධනාගාර ගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය මණ්ඩල වාර්තාව අද (15) දින සවස 4.00 වනවිට රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතය.

එම මණ්ඩලයට වෛද්‍යවරුන් 14 දෙනෙක් ඇතුළත් බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්‍ය මණ්ඩලය මගින් සිදු කරනු ඇති.

ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හෙට (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් 

ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් 

Conde Nast Traveller සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ පාඨක තේරීම් අනුව ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් තේරී පත්ව ඇත.

01 වන ස්ථානය – ආරුගම් බේ වෙරළ තීරය (Arugam Bay Beach)

09 වන ස්ථානය – බෙන්තොට වෙරළ තීරය (Bentota Beach)

14 වන ස්ථානය – තංගල්ල වෙරළ තීරය (Tangalle Beach)

19 වන ස්ථානය – මීගමුව වෙරළ තීරය (Negombo Beach)

ශ්‍රී ලංකාවේ හොඳම හෝටල්, රට පුරා පිහිටි සුඛෝපභෝගී නවාතැන්, පරිසර හිතකාමී නවාතැන් සහ උරුමයන් සහිත ස්ථාන මෙහිදී ඉස්මතු කර පෙන්වයි.

තිත්තගල්ලේ හිමිට වැඩ වරදී.. පොලීසියෙන් දැනුම්දීමක්

තිත්තගල්ලේ හිමිට වැඩ වරදී.. පොලීසියෙන් දැනුම්දීමක්

සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම සිදුවීම 2026.10.14 වන දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති අතර වීඩියෝවේ සිටින පහරකෑමට ලක් වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

වීරගුල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ අනුව වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත් එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් ප්‍රකාශ කර ඇත.

මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

මෙම සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්‍ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

මෙවැනි ආකාරයට අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වීරගුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

වාර්ෂිකව පැවැත්වෙන රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය නොවැම්බර් මස (08) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කරයි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය කේන්ද්‍ර කරගනිමින් වසර 82ක් පුරා මෙම රණවිරු ගුණ අනුස්මරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ඊට සමගාමීව ඔක්තෝබර් මස (17) වැනි සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය දක්වා සංකේතාත්මක පොපි පාගමනක් පැවැත්වීමට නියමිත බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

Follow WhatsApp Channel