Local news

කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්

කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්

කතරගම – බුත්තල මාර්ගයේ සෙල්ලකතරගමට ආසන්නයේදී බස් රථයකට වන අලියෙකු පහරදීමෙන් බස් රථයක් පෙරළී අනතුරක් සිදුව ඇත.

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකට වන අලියෙකු පහරදී ඇති අතර එම සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර ඇත.

කෙසේ වෙතත්, රෝහල්ගත කළ එම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

වනඅලි ප්‍රහාරය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන් වේ.

පහරදීම සිදුකළ වන අලියා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇමති පට්ටමට යටින් විමල් ගහපු ගේම් එක.. අධිකරණයෙන් නියෝග

ඇමති පට්ටමට යටින් විමල් ගහපු ගේම් එක.. අධිකරණයෙන් නියෝග

විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද (03) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්තාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි විභාගය සඳහා ලබන (22) වනදා කැදවන ලෙසත්, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

රටින් පිටවීම තහනම්.. හිටපු ඇමති රාජිතට අධිචෝදනා

රටින් පිටවීම තහනම්.. හිටපු ඇමති රාජිතට අධිචෝදනා

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය හමුවේ (02) දින අධිචෝදනා භාර දුන්නේය.

අනතුරුව නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල්, විත්තිකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.

තවද විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ඇප කොන්දේසියක් පැනවූයේය.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන ‘දූෂණය’ වරද යටතේ විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා පත්‍රය මඟින් චෝදනා 05ක් ඉදිරිපත් කර ඇත.

2012 ජූනි (12) වැනිදා සහ 2012 අගෝස්තු (06) වැනිදා අතර කාලසීමාව තුළ ධීවර අමාත්‍ය ලෙස කටයුතු කරමින් සිටියදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කර වෙළෙඳපොළට විකිණීමේ කාර්යය සඳහා ‘සී වූ කම්පැනි ලිමිටඩ්’ නමැති කොරියානු සමාගම තෝරා ගැනීමටත්, ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘වැලිගොව්වා’ නමැති නෞකාව බදු පදනම මත පවරා දීමටත් අදාළ සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නිලධාරීන්ට පහරදී චන්ඩි පාට් දැමු හිටපු මන්ත්‍රී පුත්‍රයෙක් ඇතුළු 9ක් අත්අඩංගුවට

නිලධාරීන්ට පහරදී චන්ඩි පාට් දැමු හිටපු මන්ත්‍රී පුත්‍රයෙක් ඇතුළු 9ක් අත්අඩංගුවට

රිවස්ටන් ප්‍රදේශයේදී පිරිසක් විසින් වනජීවී නිලධාරීන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් සිටින බව පොලීසිය සඳහන් කරයි.

පසුගියදා සිදුවු එම පහරදීමෙන් වනජීවී නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එම නිලධාරීන් මේ වනවිට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනා මාතලේ, පල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ඖෂධ ගැන සෞඛය අමාත්‍යාංශය ගත් තීරණය

අත්‍යවශ්‍ය ඖෂධ ගැන සෞඛය අමාත්‍යාංශය ගත් තීරණය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සලසා දීම සිදුවනු ඇත.

තවද, ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් එමඟින් දායකත්වය සැලසෙයි.

අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සිදු කළේය.

හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ශිරාන් බාසික් සමග සබඳතා.. ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ශිරාන් බාසික් සමග සබඳතා.. ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප‍්‍රනාන්දුගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගනිමින් ඇති බව වාර්තා වේ.

තවද හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ.

පුද්ගලයින් 5ක් සිටි ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි

පුද්ගලයින් 5ක් සිටි ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

බොරැල්ල, වේළුවන ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ත්‍රිරෝද රථය තුළ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර කඩු 3ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

එම පුද්ගලයින් කොළොන්නාවේ පදිංචිකරුවන් බවත් එම ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස අණ නොතකා ධාවනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

හෝමූස් “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස වෙනස් කරන්න සැරසෙයි

හෝමූස් “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස වෙනස් කරන්න සැරසෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාමය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස වෙනස් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇත.

හෝමූස්හී පාලනය දැන් අමෙරිකාව සතු බැවින් එහි නාමය වෙනස් කළ යුතු බව සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අමෙරිකානු හමුදා ඉරානයේ බිම් බෝම්බ ඉවත් කොට හෝමූස්හී පාලනය සියතට ගෙන ඇති බවට ප්‍රකාශ නිකුත් කලද, තවමත් එහි නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්ව නොමැත.

නාමල්ට කරපු අපරාධ මතක් වෙයි.. අත්අඩංගුවට ගන්න කලින් බයවෙයි

නාමල්ට කරපු අපරාධ මතක් වෙයි.. අත්අඩංගුවට ගන්න කලින් බයවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කරපු සියලුම දේවල් CIDය, FCIDය හෝ අල්ලස් කොමිසම තවමත් අනාවරණය කරගෙන නොමැතියි කියා තමන් හිතන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“කොහොමත් නාමල් දන්නවා, නාමල් කරේ මොකක්ද කියලා. තවම CIDය, FCIDය හෝ අල්ලස් කොමිසම මම හිතන්නේ නාමල් කරපු ඔක්කෝම දේවල් අනාවරණය කරගෙන නැතුව ඇති.

ඕනෑම වරදක් කරපු කෙනෙක් දන්නවා තමන් කොතරම් ප්‍රමාණයකට, ගැඹුරකට, විශාලව ඒ වරද සිදුකරලා තිබෙනවාද කියන එක. අපරාධ පරීක්ෂකයන්ගේ කාර්යභාරය තමයි සාක්ෂි මත පදනම් වෙලා අපරාධ නිරාවරණය කරගන්න එක.

තමන් කරපු අපරාධ ගැන දන්න කෙනෙක්, තමන් අද හෙට අත්අඩංගුවට ගනීවි. හෙට අත්අඩංගුවට ගනීවි කියලා බය වෙලා ඉන්න එක සාධාරණයි. ඒගොල්ලන්ට තිබෙන්නේ කලින් ඒ රැළිය පවත්වන එක.

ඒගොල්ලෝ හරියටම දන්නවා නම් එදාට නීතිය ක්‍රියාත්මක වී, අත්අඩංගුවට ගනී කියලා. කලින් රැස්වීම තිබ්බා නම් හරි. වැරදි කරා නම් දඩුවම් ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. පළායන්නේ නැතුව නීතියට මුහුණ දෙන්න.“

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

මෛත්‍රීට කලින් ජනාධිපති වෙන්න ආරාධනා කලේ මට.. ආදරය නිසා මම බෑ කීවා

මෛත්‍රීට කලින් ජනාධිපති වෙන්න ආරාධනා කලේ මට.. ආදරය නිසා මම බෑ කීවා

පසුගිය 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේනට කලින් ආරාධනා කලේ තමන්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරයට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ,

“සියලුදෙනා සමගි වෙලා තරුණ කණ්ඩායමක් මේ පක්ෂය බාරගන්න. ඕනම වෙලාවක මගේ තනතුරු බාරදීමට මම ලෑස්ති පුද්ගලයෙක්. මම ඉන්නේ පක්ෂයට තියෙන ආදරය නිසා.

ඔබ දන්නවා 2015 මැතිවරණයේදී අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂය දාලා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වුණා. එතුමාට ඉස්සෙල්ලා ආරාධනය ආවේ මට.

නමුත් මම ජනාධිපතිකමට වඩා පක්ෂයට ආදරය කළා. ඒනිසා තමයි අදත් මේ පක්ෂයේ ඉන්නේ. මේ වැඩකටයුතු කරන්නේ. පක්ෂයට තියෙන ආදරය නිසා.”

✕
⌃ News
📰 Free News Subscription?