ක්‍රිප්ටො රජුට වසර 25ක සිරදඬුවම්.!

ආයෝජකයින්ට සහ ගනුදෙනුකරුවන්ට බොරු කීම සම්බන්ධයෙන් වරදකරු වූ බංකොලොත් cryptocurrency විනිමය FTX හි නිර්මාතෘ Sam Bankman-Fried හට ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් වසර 25ක සිර දඬුවමක් නියම කර ඇත.

Sam Bankman-Fried, කලක් “Cing of Crypto” ලෙසින් හඳුන්වනු ලැබූ අතර ප්‍රකෝටිපතියෙකු වූ ඔහු සඟරා කවරවල පෙනී සිට වසර දෙකකට පෙර ඔහුගේ සමාගම ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ ලාභදායී ගනුදෙනු සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි Sam Bankman-Fried ක්‍රිප්ටො කරන්සි (cryptocurrency) හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට වරදකරු වීම හේතුවෙන් එම දඬුවම ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close