පොලීසියට බයේ දමිතා නිවසින් පලායයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් එහි නොසිටි බව වාර්තා වේ.

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.

දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් අධිකරණයෙන් කර ඇති අපේක්‍ෂිත ඇප ඉල්ලීමට විරුද්ධ වන බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා ඇයගේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close