බාල බෙහෙත් ගෙන්වු සියල්ලන්ටම වැඩ වරදී.. අධිකරණයෙන් නියෝගයක්.!

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින්, රිටොක්සිමැබ් එන්නත් ලබා දීමෙන් පසුව මියගිය පුද්ගලයන්ගේ හා ආසාදිත තත්ත්වයන්ට පත් වූ රෝගීන්ගේ නම් ගම් සහිත පූර්ණ වාර්තාවක්, ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියෝග කර ඇත.

එම වාර්තා එළඹෙන මැයි මස (30) දිනට පෙර ඉදිරිපත් කරන ලෙසත් ඉමියුනොග්ලොබියුලින්, රිටොක්සිමැබ් එන්නත් බෙදාහැර ඇත්තේ කුමන රෝහල් වලටද.? රෝහලේ කුමන වාට්ටුවලටද.? එම රෝගීන්ගේ තුවාල වර්ගීකරණය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

ප්‍රශ්න ගත එම ඖෂධ සැපයුම් සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු මෙම සිද්ධියේ පළමුවන සැකකරු වන අතර ඔහු ප්‍රශ්නගත ඖෂධ දෙක වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට කිසියම් හෝ පියවරක් ගනු ලැබ තිබේ ද.? නැතිද.? යන්න පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

එම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් පවත්වා තිබේ ද.? පරීක්ෂණ පැවත්වනු ලැබුවේ කවුරුන් විසින් ද.? පරීක්ෂණයන්ට අදාළව භාවිත කළ ලේඛන සහ එම ලේඛන ඉදිරිපත් කර ඇති සාක්ෂිකරුවන් හා වෙනත් සාක්ෂිකරුවන් සිටී නම් ඔවුන් කවුද.? යන්න පිළිබඳව ඇතුළත් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close