මහ මැතිවරණයක් තියන්නැයි ජනපතිට බලපෑම්.!

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේ පවත්වනු ඇති බවට තොරතුරු වාර්තා වීම මත පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුකරන බලපෑම් ඉහල යමින් ඇති බව වාර්තා වේ.

කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු බවට ජනාධිපතිවරයාට දැනුම්දීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ව්‍යවස්ථාව අනුව නියමිත ජනාධිපතිවරණය පවත්වනු මිස තමන් හදිසි මහ මැතිවරණයක් නොකැඳවන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close