තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමයි.!

අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම මාර්තු මස 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇති බවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද මැතිවරණ කොමිසම තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close