Advertisements

රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වැඩබිම සඳහා තවත් වැදගත් පියවරක්

රත්මලානේ ඉදිකෙරෙමින් පවතින නව දුම්රිය කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය Crane පද්ධති මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟා වී ඇත.

මෙම පද්ධතියට ටොන් 50 ධාරිතාවයකින් යුත් Double Girder Overhead Travelling Cranes 2ක්, ටොන් 15 ධාරිතාවයකින් යුත් Cranes 2ක් සහ ටොන් 10 ධාරිතාවයකින් යුත් Crane 1ක් ඇතුළත් වේ.

අමෙරිකානු ඩොලර් 1.35 මිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම උපකරණ, නව කර්මාන්තශාලාව තුළ දුම්රිය එන්ජින් සහ බොගි නඩත්තු කටයුතු නවීන තාක්ෂණය ඔස්සේ සිදු කිරීම සඳහා මූලික පහසුකම් සපයනු ඇත.

Crane පද්ධති සවිකිරීමෙන් අනතුරුව, රත්මලාන නව කර්මාන්තශාලව තුළ නඩත්තු කටයුතු මෙම වසර තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙය ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නඩත්තු හැකියාවන් නවීකරණය කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් ගොඩනැගීම සඳහා ගනු ලබන වැදගත් පියවරකි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest