Advertisements

අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

LIVE

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකරමින් සිට ඇති අතර එම පරීක්ෂණයට අදාළව අධිකරණයෙහි අපරාධමය චෝදනා ගොනු නොකර සිටීම සදහා ඔහු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

අනතුරුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය දිනක ලබගෙන ඇති අතර ඉතිරි ලක්ෂ 9ක මුදල ලබාගැනීමට කළුතර හෝටලයකට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest