Advertisements

ඥානසාර හිමිගේ සිරදඬුවම ස්ථීර කරයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) දින තහවුරු කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ එම සිරදඬුවමින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

පසුගිය 2016 වසරේ කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමිට එරෙහිව නඩුවක් ගොනු කළේය. 

අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණේය.⁣

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest