Advertisements

පාසල් ආපනශාලා සඳහා මාර්ගෝපදේශ

සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය අද (22) එළිදක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරායගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එම එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන බව එහි පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

එම මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකින් බල ගන්වා ඇති බවත් පාසල තුළ එහි කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන විදුහල්පතිවරයාට හා පාසල් බලධාරින්ට ලබාදී ඇති බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

එම මාර්ගෝපදේශය අනුව ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වන ආහාර පාසල් ආපන ශාලාවල අලෙවියට අවස්ථාව නොලැබෙන බවත් සිරුරට අහිතකර මේදය අඩංගු ආහාර, අධික ලුණු සහ කෘතීම රසකාරක අඩංගු ආහාර, සීනි අධික ආහාර, පෝෂණ ගුණයෙන් හීන කැලරි අධික ආහාර ඊට ඇතුළත් බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

පාසල් සිසුන් අතර අධික ස්ථූලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවත් අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 17.4%ක් කාබනීකෘත බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest