අපේ ආණ්ඩුවෙන් විකල්ප බැටරියක් දෙනවා.!

තම රජයක් යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි ත්‍රීරෝද රථවල බැටරිය ආරෝපණය කිරීමට යන කාලය ඉතිරි කිරීමට විකල්ප බැටරියක් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ඒ හරහා විදුලි ත්‍රීරෝද රථ ව්‍යාප්ත කිරීමේ සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවත් පළමුව කොළඹින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

නව තාක්ෂණ ක්‍රමවල ආයෝජනය කර දින ගැන්වීම් සහ සැලසුම් රැසක් තම පක්ෂයෙන් සකස් කර ඇති බවද කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close