බන්ධනාගාර ගත කළ ඥානසාර හිමි හදිසියේම රෝගාතුර වෙයි.

බන්ධනාගාරගත කර සිටින ඥානසාර හිමිගේ සුවදුක් සොයා බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පැවසූවේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.

ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවීමට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයෙන් ලබාදී ඇති දඬුවමට එරෙහිව මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද සද්ධාතිස්ස හිමියන් පැවසීය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close