රූබල් මිලියන බාගයක් වෙනුවෙන් 150ක් ඝාතනය කල පාපතරයා.!

ලොවම භීතියට පත් කළ මොස්කව් ප්‍රහාරයෙන් මියගිය පිරිස 153ක් දක්වා ඉහල ගොස් ඇති අතර, එහි වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

දෙස් විදෙස් විශාල වශයෙන් ජනතාව එක් රැස් වෙන මෙම ප්‍රහාරය සිදුවූ සාප්පු සංකීර්ණයේ ඇති ආසන 6000 කට අධික ප්‍රමාණයක් සහිත රඟහලේ එදින සංගීත ප්‍රසංගයක් සැලසුම් කර තිබූ බවත් ඒ වන විටෙහි ප්‍රවේශපත්‍ර සියල්ලම අලෙවි වී තිබුණු බවත් සඳහන්.

මෙම ප්‍රහාර එල්ල වී තිබුණේ එම එම ප්‍රසංගය ආරම්භ කිරීමට මොහොතකට පෙරයි ප්‍රහාරය විනාඩි 15කට වඩා වැඩි කාලයක් එල්ල වූ බව සඳහන්, මේ වන විට මෙම සිද්ධියට අදාළ වෙඩික්කරුවන් 4ක් ඇතුළු 11 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ විසින් මේවනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් අත්අඩංගුවට පත්වූ එක් වෙඩික්කරුවෙක් පාපොච්චාරණය කර තිබුනේ ඔහුට රූබල් මිලියන භාගයක මුදලක් ලබාදෙන බවට පොරොන්දු බවත් ඒ වෙනුවෙන් ඔහු එම ප්‍රහාරය සිද්ධ කළ බවත්ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close