මොස්කව් ප්‍රහාරයෙන් මියගිය ගණන 150 දක්වා ඉහළට.!

රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රොකස් නගර සභා රඟහලට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මියගිය ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් මියගිය ගණන ඉහළ යා හැකි බවත් වෙඩි තැබීම හේතුවෙන් සිදුවූ තුවාල සහ විෂ දුම ආග්‍රහණය වීමෙන් විශාල පිරිසක් මි⁣යගොස් ඇති අතර තුවාල ලැබු ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සදහන් කරයි.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම් බාර ගත්තද සිද්ධියට වගකිව යුතු සියල්ලන් සොයා පුළුල් විමර්ශන සිදු කරන බවත් ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ ත්‍රස්තවාදීන් වන අතර වෙඩි තැබූ ත්‍රස්තවාදීන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close