ජනාධිපතිවරණය දිනන්න අපට පහක් ඉන්නවා.!

එළඹෙන ජනාධිපතිවරණය සදහා තරග කිරීමට අපේක්ෂකයන් හතර පස් දෙනෙකු පොදුජන පෙරමුණ පක්ෂයේ සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය විශ්වාස කරමින් පසුගිය වසර දෙක තුන තුළ පාක්ෂිකයන් පක්ෂය සමග එකතු වී සිටින බවද හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close