75 වන ජාතික නිදහස් දින සැමරුම ගාලු මුවදොරදී.!

75 වන නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (04) ගාලු මුදොරදී මේ වනවිට ආරම්භ කර ඇත.

මෙවර නිදහස් දින උළෙලට යුධ, ගුවන් , නාවික හමුදා ,පොලිස් විශේෂ බලකාය ,විශ්‍රාමික රණවිරුවන් 6,410 ක් සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිදහස් දින පෙළපාලියට රථ 108 ක් ද එක්වන බවත් නාවික හමුදා බල ගණ 07ක් මේ සඳහා සහභාගී වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සමස්තයක් වශයෙන් නිලධාරින් 58 ක් ඇතුළු නාවික බට පිරිස් 1001ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා ඇති අතර, දහවල් 12.00 ට ජාතිය වෙනුවෙන් , ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ගුවන් හමුදාවේ සියලුම අංශ නියෝජනය කරමින් සෙබළුන් 650 ක් හා සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති අතර ගුවන් සංදර්ශනය සඳහා එක්වන ගුවන් යානා සංඛ්‍යාව 14ක් වේ.

තවද සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40 ක් සහභාගීවීමට නියමිත බවද සදහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් මේ සඳහා නිදහස් දින පෙළපාලියට එක්වන සාමාජිකයින් සංඛ්‍යාව 220 ක් බවත් පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04 ක් එක් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව සදහන් කරයි. 

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close