වයස 15 සිට මාව බලහත්කාරයෙන් දූෂණය කළා.. කුලියාපිටිය මියගිය තරුණයාගේ පෙම්වතිය වෙනස් කතාවක් කියයි.!

කුලියාපිටිය තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මියගිය තරුණයාගේ පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව ඊයේ (12) කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුව මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකරා පෙම්වතියගේ ඥාති නිවසක රැදී සිටි තරුණිය ඇයගේ ඥාතියකු සමග පැමිණ පොලීසිය වෙත භාර වී ඇත.

පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා අවුරුදු 15ක වයයේ පසුවන පාසල් සිසුවියකව සිටියදී සුසිත් නමැති ඝාතනයට ලක් වූ තරුණයා තමාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය ලක් කළ බවත් ඉන්පසුව වරින්වර තමාව අවස්ථාවන් ගනණාවකදී දූෂණය කළ බවත්, මරා දමාවිය යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

ඉන්පසු නැවතත් වසර කිහිපයකට පසුව පසුගිය ජනවාරි මාසයේදී නිවසේ කිසිවෙකු නොමැතිව සිටි අවස්ථාවක පැමිණ පිහියක් පෙන්වා මරන බවට තර්ජනය කර නැවත වතාවක් බලහත්කාරයෙන් දූෂණය කළ බවත්, ඉන්පසුවද තමාව අවස්ථා ගණනාවකදී ගෙන්වාගෙන දූෂණයට ලක් කළ බවත් මේ වනවිට 18 හැවිරිදි වියේ පසුවන එම සැකකාර තරුණිය පොලිසියට ප්‍රකාශ ලබාදී ඇත.

එසේ දූෂණයට ලක්වීම හේතුවෙන් තමා ගැබ්ගෙන ඇති බව හැඟී ගිය නිසා මේ බව ඔහුට දැනුම්දුන් පසු ඔහු තමාට බෙහෙත් පෙති ලබා දී ඒවා පානය කළ යුතු ආකාරයද පැවසූ බවත්, පසුව තමා එම පෙති පානය කිරීමෙන් පසු ගබ්සා වූ බවත් ඇය පොලීසිය වෙත ප්‍රකාශ ලබාදී ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close