ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් නව නීති.!

රටේ මෙතෙක් පැවති කිසිඳු රජයක් ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් එය අද වනවිට බරපතළ ගැටලුවක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන් කැපවී කටයුතු කිරීමේ අවශ්‍ය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබාදී තිබෙන බවත්, ළමා සහ කාන්තාවන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close