“එජාපයෙන් ඉවත් වෙන්න.. අපේක්ෂකත්වය දෙන්නම්” පොහොට්ටුවෙන් තීරණයක්.!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම ගැන සලකා බැලිය හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.

මන්ත්‍රී සාගර කාරියවසම් තවදුරටත් සදහන් කළේ,

” ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධව විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”

පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close