ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන්ට නොමිලේ පාපැදි.!

ආර්ථික අපහසුතා ඇති ඉතා දිළිදු පවුල් වල පාසල් යන දරුවන් 100ක් වෙත පාපැදි ලබාදීම මිහින්තලේ සීප්පුකුලම ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී සිදු කෙරුණේය.

මිහින්තලේ , කරුවලගස්හින්න, ශ්‍රී සුදර්ශණ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පොතානේ සුමංග හිමියන්ගේ ඉල්ලීම මත, “ශාන්ති සජීවිකරණ” ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙම පාපැදි ලබාදීමට කටයුතු කළේය.

එම වැඩසටහනේ අරමුණ අදාළ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සදහා සවියක් වීම බව පුජ්‍ය පොතානේ සුමංග හිමියන් පැවසුවේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close