වයස අවුරුදු 14 ට අඩුනම් සමාජ මාධ්‍ය තහනම්.!

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස 14ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරමින් නීතියක් පණවා තිබේ.

ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා “Ron DeSantis” විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වන අතර අවුරුදු 14 සහ 15 දරුවන් සඳහා, Facebook සහ TikTok වැනි යෙදුම් භාවිතා කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරය අවශ්‍ය වේ.

එමෙන්ම අවුරුදු 14 ට අඩු දරුවන් සතු දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් අවලංගු කර දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close