ඔබේ බැංකු ගිණුම ආරක්ෂිතද.? බැංකු ගිණුම් වලින් මුදල් ගරන මහා පරිමාණ ජාවාරමක්.!

මීගමුව ප්‍රසිද්ධ පුද්ගලික බැංකුවක සහකාර කළමනාකාරියක් විසින් අන්තර්ජාල බැංකු පහසුකම යටතේ වෙනත් බැංකු ගිණුම් වලින් වංචනිකව මෙම මුදල් වංචාව සිදු කර ඇති අතර එම මුදල් ඇය‌ගේ සැමියාගේ නමින් වෙනත් පුද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යනු ලබන ගිණුම් 02 ක් වෙත මුදල් මාරු කර ඇති බවට හඳුනා ගත් බව පොලිසීය පවසයි.

ඇය විසින් මෙසේ වංචනිකව අවස්ථාවන් 16කදී, රුපියල් මිලියන 84 කට අධික අධික මුදලක් උපයාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

එම මුදල් සමග ඇය සහ ඇගේ සැමියා ඔස්ට්‍රේලියාව වෙත පලා යාමට සැලසුම් කර තිබූ බව, අනාවරණය වී ඇති අතර ඉහත සැකකාරියගේ සැමියා මේවනවිට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.

මේ සම්බන්ධ තොරතු ඇතොත් හෝ ඔබේ බැංකු ගිණුමත් මෙම වංචාවට හසුවී ඇතැයි සැකයක් පවතීනම් වහාම ළඟම ඇති පොලීසිය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close