මිනී මැරුම්

බිරිඳ එක්ක නැටුවාට කෝප වී සංගීත ප්‍රසංගය තුළම ගෙල කපා දමලා.!

බිරිඳ එක්ක නැටුවාට කෝප වී සංගීත ප්‍රසංගය තුළම ගෙල කපා දමලා.!

කළුතර දකුණ පොලිසිය පැවසූවේ ඊයේ (15) රාත්‍රියේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව‍යි.

දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්වී ඇති බව වාර්තා වේ.

සංගීත ප්‍රසංගයට පැමිණි මියගිය තරුණයා, තමා සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී පසුව සැමියා විසින් තරුණයාගේ ගෙල කපාදමා ඇති බව පොලිසිය පවසයි.

සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය සැකකාර සැමියා හැරදා ගොස් තනිව ජීවත්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

Loading

නිවසක තනිව ජීවත්වූ 62 හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි.!

නිවසක තනිව ජීවත්වූ 62 හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි.!

මෑතකදී විදේශ රටක දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණ තනිව නිවසක ජීවත්වූ කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ නාඳුනන ඝාතකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

මාවතගම ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

Loading

කාන්තාවක් කනත්ත වෙත ගෙනගොස් සොහොන මත හිඳුවා ගිනි තබා ඝාතනය කරලා.!

කාන්තාවක් කනත්ත වෙත ගෙනගොස් සොහොන මත හිඳුවා ගිනි තබා ඝාතනය කරලා.!

චාකකච්චේරිය ප්‍රදේශයේ වෙළඳ සැළක සේවය කළ කාන්තාවක් සිය අනියම් සැමියා විසින් කනත්තක් වෙත රැගෙන ගොස් ගිනි තබා ඝාතනය කළ ඖවතක් වාර්තා වේ.

සැකකරු විසින් තම මවගේ සොහොනට පහනක් දැල්වීම සඳහා බව කියා මෙම කාන්තාව කනත්තට කැඳවාගෙන ගොස් එහිදී ඇයට පහරදී මවගේ සොහොන මත හිඳුවා සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තබා තිබෙන ඇති බව යාපනය පොලීසිය ඔඅවසයි.

ඝාතනය සිදුකය සැකකාර අනියම් සැමියා මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඝාතනය වූ තැනැත්තිය සමඟ එම සැකකරු වසර 8ක් පමණ අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර එම කාලසීමාව තුළ සැකකරු වෙනත් කාන්තාවක්ද විවාහ කරගෙන ඇති බව වාර්තා වේ.

දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර අති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

Loading

තවත් එක්දරු මවක් නිවස තුළදී නාඳුනන ඝාතකයෙකුට ගොදුරුවෙයි.!

තවත් එක්දරු මවක් නිවස තුළදී නාඳුනන ඝාතකයෙකුට ගොදුරුවෙයි.!

අද (29) උදෑසන පාදුක්ක, වටරක ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගිය තැනැත්තිය කිසියම් කටයුත්තක් සඳහා නිවසේ ඉදිරිපස කාමරයට ගිය අවස්ථාවේදී සැඟවී සිටි අයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඇය මියගොස් තිබේ.

පාදුක්ක, වටරක ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි එක්දරු මවක් මෙලෙස ඝාතනය වී ඇත.

ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මී ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

දුම්රිය මාර්ගයක් අසල හිස පොඩි වූ තරුණයෙකුගේ මළ සිරුරක්.!

දුම්රිය මාර්ගයක් අසල හිස පොඩි වූ තරුණයෙකුගේ මළ සිරුරක්.!

මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම දුම්රිය මාර්ගය අසළ තිබී හිසට බරපතල හානි වූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (27) සොයාගත් බව මීරිගම පොලිසිය පවසයි.

මියගිය තැනැත්තා ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ මීරිගම , විල්වත්ත බෝගහහේන පාරේ පදිංචිව සිටි චන්දිම ලක්මාල් පෙරේරා නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

පොලිසිය පැවසුවේ මියගිය තරුණයා ඊයේ (26) පස්වරුවේ පුණ්‍ය කටයුත්තකට සහභාගි වී ඇති බවත්, පස්වරුවේ සිට ඔහු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොලැබුණු බව මියගිය තරුණයාගේ පියා ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයා කොට කලිසමක් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇති අතර. රාත්‍රී කාළයේ ඔහු ගිය ස්ථානයක් පිළිබඳව තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර ඔහුගේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් තිබී හමුවී ඇත.

Loading

ශොට් එකට වස දමා සැමියා ඝාතනය කළ බිරිඳක් අත්අඩංගුවට.!

ශොට් එකට වස දමා සැමියා ඝාතනය කළ බිරිඳක් අත්අඩංගුවට.!

අරක්කු වීදුරුවකට විෂ රසායනික ද්‍රව්‍යක් දමා සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මියගිය තැනැත්තාගේ බිරිඳ සහ ඇගේ සොහොයුරා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැමියා ඝාතනය කිරීමේ අරමුණින් සැමියා මත්පැන් පානය කරමින් සිටි වීදුරුවට විෂ රසායනික ද්‍රව්‍යක් දමනා ලෙස බිරිඳ තම සහෝදරයාගෙන් ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

වස මිශ්‍ර මත්පැන් වීදුරුව පානය කිරීමෙන් පසු ඇයගේ සැමියා එම ස්ථානයේදීම ඇදවැටී ඇති අතර පසුව රෝහලට ඇතුළත් කර ඇත්තේ හෘදයාබාධයකින් මිය ගිය බව පවසමිනි.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා පවසා ඇත්තේ ඔහු හෘදයාබාධයකින් නොව වස ​​ශරීරගත වීමෙන් මියගොස් ඇති බවයි.

පසුව බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනයේදී මියගිය පුද්ගලයාගේ බිරිඳගේ සොහොයුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් මෙම රසායනික ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබුනු බව පොලීසිය පවසයි.

මෙම තොරතුරු මත විමර්ශන නිලධාරීන් විසින් බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නැගණිය නිධනයක් හෑරීමට බව පවසමින් රන් ආලේප කිරීමට භාවිත කරන රසායන ද්‍රව්‍යක් රැගෙන එන ලෙසට ඉල්ලා සිටි බව සඳහන් සැකකරු පාපොච්චාරනය කර ඇත.

සොහොයුරාගේ ප්‍රකාශය මත මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැමියාගේ හිරිහැර හේතුවෙන් ඇය විසින් එම රසායනය සැමියා පානය කරමින් සිටි වීදුරුවට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි ඇය 40 හැවිරිදි තිදරු මවකි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ පදිංචි රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි පෙදරේරුවෙක් බව සඳහන් වේ.

ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවකු බවත් දිනපතා මත්පැන් නිවසට ගෙනැවිත් පානය කරන බවත් එවැනි අවස්ථාවක සැකකාර බිරිඳ මත්පැන් වීදුරුවට වස මිශ්‍ර කර ඇති බවත් පොලිසිය කියයි.

විත්තිකරු සහ ඔහුගේ සහෝදරයා හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Loading

වෙසක් සිරි බලන්න ගිය තරුණයෙක් 17 හැවිරිදි මැර කල්ලියක් අතින් ඝාතනය වෙයි.!

වෙසක් සිරි බලන්න ගිය තරුණයෙක් 17 හැවිරිදි මැර කල්ලියක් අතින් ඝාතනය වෙයි.!

ඊයේ (25) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම අසලදී මෙම ඝාතන සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

එහිදී මියගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර ප්‍රේම ආරවුලක් මත එම තරුණයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මියගිය පුද්ගලයා වෙසක් සිරි නැරඹීමට සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඔරුගොඩවත්ත ප්‍රදේශයට යමින් සිටියදී කිසියම් පිරිසක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සහ 18 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Loading

දෙමස්සිනාලාගේ පිහි හරඹයෙන් පොඩි මස්සිනාට දිවි ඇහිමියි.!

දෙමස්සිනාලාගේ පිහි හරඹයෙන් පොඩි මස්සිනාට දිවි ඇහිමියි.!

යාපනයේ තාවඩි ප්‍රදේශයේ දී පිහි පහරකින් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇති බව චුන්නාකම් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් පමණ වන වරදරාසා නිරුක්ෂන් නමැති තරුණයෙකි.

මියගිය තරුණයාගේ සහෝදරියගේ සැමියා විසින් එල්ල කළ පිහි පහරකින් මෙසේ තරුණයා බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණයා මියගිය බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

තම පියා සහ සහෝදරියගේ සැමියා අතර ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී මෙම තරුණයාට තම මස්සිනා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් විමර්ශන මෙහෙයවයි.!

Loading

තිදරු මවක් ඇසිඩ් වක්කර සාහසික ලෙස ඝාතනය කරයි.!

තිදරු මවක් ඇසිඩ් වක්කර සාහසික ලෙස ඝාතනය කරයි.!

කහව ප්‍රදේශයේ ජීවත්වූ වසය 59ක් පමණ වන තිදරු මවක් ඇසිඩ් වක්කර ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

ප්‍රදේශයේ පාසලකට ආහාරපාන සැපයූ ගෝනපිනුවල ප්‍රේමලතා නම් කාන්තාවක් එසේ ඝාතනය කර ඇත.

අද (20) අලුයම 4ට පමණ ඇයගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙක් ඇය සිය කුස්සියෙහි පොල් ගාමින් සිටිය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය (ඇසීඩ්) ඇයගේ හිසට සහ මුහුණ ප්‍රදේශයට වක්කර ඇති බව වාර්තා වේ.

අසල්වාසීන් හා ඥාතීන් එක්ව එම කාන්තාව ත්‍රිරෝද රියකින් බලපිටිය මුලික රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව සඳහන්.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

තම බිරියගේ බාප්පා, පුංචි සහ දරුවා මරා රන් භාණ්ඩ කිහිපයක් සොරාගෙන යමින් සිටි සැකකරුවෙක් කොටුවෙයි.!

තම බිරියගේ බාප්පා, පුංචි සහ දරුවා මරා රන් භාණ්ඩ කිහිපයක් සොරාගෙන යමින් සිටි සැකකරුවෙක් කොටුවෙයි.!

නාල්ල පොලිසිය විසින් එකම පවුලේ බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ කිහිපයක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී අද (19) අලුයම 4ට පමණ මෙම අමානුෂික ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අළුයම කාලයේ සැක කටයුතු ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව සිදු කල මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close