උද්දිකගේ ගිනි අවි සහ ගිනි කෙලි සිද්ධිය CCTV වල පටිගත වෙලා.!

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවූයේ යැයි කියනා දිනයේ ඒ ආසන්නයෙන් ගමන්කළ සුදු පැහැති මෝටර් රථයක සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එහි වාර්තාව කඩිනමින් කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපර්තෙමේන්තුවට නියෝග කර ඇත.

අදාල මෝටර් රථය වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට පොලිස් මූකික විමර්ශන වලින් හඳුනාගෙන ඇති හෙයින් ඒ බව තහවුරු කර ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන වල රස පරීක්ෂක වාර්තාව කැඳවීම සඳහා රහස් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදුකළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close