වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉවතට

අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට පෙන්ටගනය නිවේදනය කර ඇත.

මෙම ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුවන බව පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක්වන අතර ඔහු 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන්නේය.

ෆෙලන්ගේ ඉවත්වීමට නිශ්චිත හේතුවක් නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ධූරවලින් ඉවත් කරනු ලැබීය.

ජෝන් ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest