මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු සහ තෙවන අදියරට නව සැලසුම්

LIVE

මීට වසරකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය අරමුදල් යොදා නැවත ඉදිකිරීම් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම (39km) පළමු මාර්ග කොටස සහ එහි තෙවන අදියර පොතුහැර ගලගෙදර (32.85km) මාර්ග ව්‍යාපෘතියත් කඩිනමින් නිම කිරීමට ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කටයුතු ආරම්භ කර ඇත.

එහිදී ඉදිකිරීම් වල නිරත සමාගම් කළමණාකාරීත්වය සමඟ ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා නව යෝජනා ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එමෙන්ම සේවක කණ්ඩායම්වල පවතිනන ගැටලු ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම් ඉන්ධන හා ප්‍රවාහන සේවා පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විශේෂයෙන් සේවක කණ්ඩායම්වල සුභසාධනය වැටුප් ගෙවීම් ආරක්ෂක තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද දේශීය කොන්ත්‍රාත් සමාගම්වලට නව තාක්ෂණය බද්ධ කර ගනිමින් පවතින සේවා තත්ත්වයට වඩා උසස් කාර්යසාධනයක් ක්ෂේත්‍රයට ළඟා කර ගැනීම පිළිබඳව අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රටේ පැවැති ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවූ බලපෑමත් බුද්ධිගලනය හෙතුවෙන් වෘත්තිකයින් රට හැර යාම තුළින් ඉදිකිරීම් අංශයට සිදු වූපසුබෑම යළි යථාවත් කර ගැනීමට වත්මන් රජය යටතේ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා කර්මාන්තයට අදාල යෝජනාද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

0 Comments
Most Voted
Newest Oldest