දුම්රිය වර්ජනය අවසන්

LIVE

දුම්රිය වෘත්තීය සමිති විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව අද (19) දින සිට දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර ඇත.

මෙම වර්ජනය සාර්ථක බවත් කලින් වෘත්තිය සමිති කළ අයුරින් ජනතාව පීඩාවට පත්කරමින් කඩාකප්පල්කාරී වර්ජනයක් සිදු කිරීමේ අරමුණක් තම සංගමයට නොතිබූ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest