LIVE
මේ වනවිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට තද වැසි ඇතිවෙමින් පවතින බැවින් වර්ෂා සහිත කාලගුණයත් සමග රිය ධාවනයේදී සැළකිලිමත් වන ලෙස පොලීසිය සඳහන් කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තද වැසි පවතින බැවින් එම ප්‍රදේශවල මාර්ගයේ ගමන් කරනා සියලුම රථවාහන රියදුරන් අධික වේගයෙන් ගමන් නොකරන ලෙසද දැනුම් දෙයි.
වර්ෂාව පවතින අවස්ථාවේදී, රථවාහනවල ඉදිරිපස අලෝක සංඥා දල්වා ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
පවතින වර්ෂාධික කාලගුණය හමුවේ අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී මීටර් 50ක පරතරයක් තබාගෙන ගමන් කරන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය දැනුම් දෙයි.
තවද අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී රථයේ විදුලි ලාම්පු දල්වමින් හා වේගය සීමා කරමින් ධාවනය කරන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය දැනුම් දෙයි.
