LIVE
2026 සැප්තැම්බර් (25) වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් (28) වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දෙයි.
මධ්‍යම පළාත/ උතුරු මැද පළාත/ වයඹ පළාත/ දකුණු පළාත/ නැගෙනහිර පළාත/ උතුරු පළාත/ සබරගමුව පළාත/ ඌව පළාත
පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.
අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් (29) වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.

