LIVE
අද (24) දින බුත්තල – මොනරාගල ප්රධාන මාර්ගයේ මහගොඩයාය ප්රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
වැල්ලවාය සිට මොනරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මඟීන් බැස්වීම සඳහා මහගොඩයාය ප්රදේශයේ නතර කිරීමේදී පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පසුපස ගැටී අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් මේ වනවිට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
