LIVE
පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
එනිසා එළඹෙන අයවැය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,
“ජනාධිපතිතුමා කතාකරලා කිව්වා උපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා.”
27 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
