LIVE
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව යළිත් ප්‍රහාර එල්ල කළහොත් ඉරානය විසින් මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය දක්වා ඉන් ඔබ්බට ව්‍යාප්ත කරන බවට ඉරානය අනතුරු අගවා ඇත.
ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකු උපුටා දක්වමින් ෆාර්ස් පුවත් සේවය මේ බව සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දිනක පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති බවත් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇති බව මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.
ඉරානයට බලපෑ හැකි ඕනෑම දරුණු තත්ත්වයකට මුහුණ දීම සඳහා සිය හමුදාව සූදානම් බවද මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.
