LIVE
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අනෙක් දෙදෙනා තවදුරටත් එම ඒකකයේ ප්‍රතිකාර ලබයි.
රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම 4.00ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
