චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම්ට දුන් නියෝගය

LIVE

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායකගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන (09) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙම සැකකරු ක්‍රියා කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අදාළ සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම සහ ආධාර අනුබල ලබාදීම තුළින් ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

0 Comments
Most Voted
Newest Oldest