ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්රය වෙනුවෙන් මෙරටදීම නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා සහ සත්‍යාපන (Digital Identity & Authentication) වේදිකාව පසුගිය (17) වැනිදා කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.
ඩිජිටල් ප්‍රකාශකයන්ට තම පාඨකයන් සමඟ වඩාත් සෘජු, විශ්වාසනීය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පදනමක් සැපයීම TruePass හි මූලික අරමුණයි.
මෙම එළි දැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඩිජිටල් මාධ්‍ය ආයතන රැසක් මෙම සන්ධානය සමඟ එක්විය.
මෙවැනි ප්රමුඛ ප්‍රකාශකයන් එකම දැක්මක් වටා එක්වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්රයේ මෙතෙක් පැවති වැදගත් තාක්ෂණික හිඩැසක් පිළිබඳ කර්මාන්තයේ අවධානය පෙන්නුම් කරයි.
එනම්, හඳුනා නොගත් (anonymous) වෙබ් අඩවි ප්රේක්ෂකයන්ගෙන් ඔබ්බට ගොස්, තමන්ගේම First-Party Audience Relationships ගොඩනගා ගැනීමට ප්‍රකාශකයන්ට හැකිවන විශ්වාසනීය identity සහ authentication layer එකක අවශ්‍යතාවයයි.
TruePass Media Alliance මඟින් ප්‍රකාශකයා සහ පාඨකයා අතර සෘජු සබඳතාව ශක්තිමත් කිරීම, තමන්ගේම first-party audience data පිළිබඳ වැඩි පාලනයක් ලබා ගැනීම සහ ඩිජිටල් මාධ්‍ය සඳහා තිරසාර ආදායම් ආකෘති ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේ පොදු දැක්මක් ඉදිරිපත් කරයි.
