මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට

LIVE

යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී එම සැකකරු සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් මෙම මෙහෙයුම අද සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest